gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඇමති ධූරයෙන් ඉවත්වීම හැර වෙන විකල්පයක් නෑ” – ආණ්ඩුව පැන්න ඇමති යළි පිල් මාරුවකට සූදානම්?

වී ගොවීන්ගේ ගැටලු සමනය කිරීමට කොතෙක් උත්සාහ දැරුවත් එය අසාර්ථක වී ඇති බැවින් ඇමති ධූරයෙන් ඉවත්වීම හැර වෙන විකල්පයක් නැතැයි කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා. 
වී මිල දී ගැනීමට රජයට මුදල් නැති බවත් පිටරටින් සහල් ගෙන්වීම නිසා වී මිල දී ගැනීම සහල් නිෂ්පාදකයන් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු පවසා තිබෙනවා.

අමාත්‍යවරයා එසේ සඳහන් කර ඇත්තේ ජාතික ගොවිජන එකමුතුව සමග ඊයේ (08) පැවති උණුසුම් දුරකථන සංවාදයක් අතරතුරදී යි.

හුරුළුවැව ගොවි ජනපදයේ වී ගොවීන්ගේ හා සුළු පරිමාණ වී මිලදී ගන්නන්ගේ ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා ඇතුළු පිරිස සිදුකළ සංචාරය අවසානයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී උද්ගත වූ ගැටලු නිරාකරණය සඳහා ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කෘෂිකර්ම ඇමතිවරයා දුරකතනයෙන් ඇමතූ අවස්ථාවේ ඇමැතිවරයා ඉහත ප්‍රකාශය සිදු කළා.

දුරකතන සංවාදයේදී ගොවිජන එකමුතුවේ සභාපතිවරයා හා සෙසු නියෝජිතයන් ඇමතිවරයාගෙන් විමසා සිටියේ ඇමතිවරයාගේ හා වී අලෙවි මණ්ඩලයේ ඉල්ලීම මත සුළු පරිමාණ ව්‍යවසායකයන් ගොවීන්ගෙන් කිලෝව රුපියල් 120 බැගින් මිල දී ගත් බව යි.

ඒ අනුව මේ වනවිට වී කිලෝව රුපියල් 90ට හෝ අලෙවිකර ගත නොහැකි මට්ටමට පත්වීමට ඇමතිවරයා සෘජුව ම වගකිව යුතු බවයි.

ගොවීන් පවසන්නේ, තම අස්වැන්න අඩු මුදලට අලෙවි නොකරන ලෙස ත් ඒවා වී අලෙවි මණ්ඩලයෙන් මිළ දී ගන්නා බවත් ඇමතිවරයා ප්‍රකාශ කළ නිසා තම අස්වැන්න ගබඩා කර තබාගත් බවත් මේ වනවිට කන්න දෙකක අස්වැන්න විකුණාගත නොහැකිව තමන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka