gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මොන බොරු සංදර්ශන කොළඹ දැම්මත් IMF වැඩේ තවත් එහාට එහාට යන ලකුණු!

මෙම මාසය තුළ චීනයේ මුල්‍ය සහතිකයක් ලැබෙන්නේ නම් පමණක් ජනවාරි මාසයේදී IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම කෙරෙහි බලාපොරොත්තු තබාගත හැකි බවයි වාර්තා වන්නේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් කළ රට තුළ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමකදී මේ බව අනාවරණය වී තිබෙනවා. 
“අපේ ද්විපාර්ශ්වික ණය හිමියන් මුල්‍ය සහතියක් ලබාදීම සඳහා එකඟකරවා ගැනීම වැදගත් පියවරයි. එයයි අපි සිදුකරමින් සිටින්නේ. මම හිතන්නේ අප එහිදී හොඳ ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම පැරිස් සමාජය සහ ඉන්දියාව අපට මෙහිදී සහාය වෙනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි චීනය සමග සාකච්ඡා ආරම්භ කෙරුණේ මදක් ප්‍රමාදවෙලා. කලින් අපේ ඉලක්කය වී තිබුණේ මූල්‍ය සහතිකය නොවැම්බර්යේ දී ලබාගන්න. ඒ අනුව මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බරයේ ලබාගන්න අප ඉලක්ක කරගෙන තිබුණා.

ඒත් එය මේ අවස්ථාවේදී සිදුවෙන්නේ නැහැ. ඒ චීනය සමග ඇතිවූ යම් ප්‍රමාදයක් නිසා. දැන් අපි අවධානය යොමුකරන්නේ ලබන ජනවාරියේ මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නයි. මේ මාසය තුළ චීනයේ මුල්‍ය සහතිකයක් ලැබෙනවා නම් අපට එය සිදුකළ හැකියි. අපට විශ්වාසයි මේ තත්ත්වය කළමනාකරණය කළ හැකි බවට” යි ඔහු පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka