gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සංඝයාට අපහාස කරන නිඝණ්ඨයින්ට මම බය නෑ...අපි ඕවට සැලෙන්නේ නෑ...ගහන්න ගහන්න අපි නැගිටිනවා - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

“එදා මෙන් අද ත් මේ සමාජයේ භික්ෂුන් වහන්සේලා විවේචනය කරන නිඝණ්ඨයින් සිටින බව ත් ඔවුන්ගේ මඩ ප්‍රචාරවලට ඇනුම් බැනුම් විවේචනවලට බිය වී තමා කිසි දා පස්සට නොයන බව කොළඹ සරසවියේ කුලපති, පැවිදි හඬ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. 
උන්වහන්සේ අවධාරණය කළේ, ඔවුන් පරදා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම තම එකම අරමුණ බව ය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධී අංකුරයක් මත්තේගොඩ ප්‍රදේශයට වැඩමවා මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරෙන සාමණේර භික්ෂු මධ්‍යස්ථානයේ රෝපණය කිරීම වෙනුවෙන් උඳුවප් පුර පෝය දා (දෙසැ. 7) පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ උන්වහන්සේ…

“වසර හතළිහක් පමණ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මත්තෙගොඩ බෞද්ධ මධ්‍යස්ථානයට මා පැමිණ දැනට වසර දෙකයි. මේ ස්ථානය මා භාර ගත්තේ අපිට පන්සල් නැතුව නෙමෙයි. නමුත් මට අද අවශ්‍ය වන්නේ පිරිහෙමින් යන මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමයි. එහෙමනම් අපි මුලින් ම කරන්න ඕනේ මේ සාමණේර භික්ෂුන් වහන්සේලා රැකගැනීමයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේට අද පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. උන්වහන්සේලාට විවිධ පාර්ශව විසින් විවිධ චෝදනා එල්ල කරනවා. එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළා කියලා, සෝමාරාම භික්ෂුවට චෝදනා කළා වගේ, අදත් භික්ෂූන් වහන්සේට චෝදනා කරන නිඝණ්ඨයින්, දේවදත්තයින්, චිංචිමානවිකාන්, සච්චකල ඉන්නවා. ඔවුන් වැඩ කරන්නේ කරුමක්කාරයෝ, පවුකාරයෝ, කසිප්පු කාරයෝ, වෙරිකාරයො වගේ.

අපි ඕවට සැලෙන්නේ නෑ. බුදුන් වහන්සේගේ දේශනාව, “මානිවත්ත අභික්කම” නොනැවතී ඉදිරියට. ඒ බුදු වදන අනුව යමින් අපේ වැඩ ටික අපි කරගෙන යනවා. ගල්මුල් ගහන අය ඒව කරපු දෙන්. අපි මේ තැනට ආවේ පාවාඩ මතින් පමණක් නෙමෙයි. විවිධ අභියෝග හා හැලහැප්පීන් මැද. ඒ නිසා අපිට ඔය ගල් මුල් ප්‍රහාර හොඳට හුරුයි. ඒවට අපි බය නෑ. කළ යුත්ත කරනවා, හල යුත්ත හලනවා. ඒකයි මගේ ප්‍රතිපත්තිය. වැටුණත් වැටෙන්නේ ඉස්සරහට මිසක් පස්සට නෙමෙයි. ගහන්න ගහන්න බනින්න බනින්න අපි නැගිටිනවා. අපිට මඩ ගැහුවට කමක් නෑ . මුලින් ම මඩ ගෑවෙන්නෙ මඩ අනන කෙනාගෙ අතේ.

මේ අභියෝගය සියල්ල පරාජය කරමින් අපිට ඕන වෙලා තියෙන්නෙ මේ සම්බුද්ධ ශාසනය රැක ගන්න. බෝධීන් වහන්සේ චෛත්‍යය විහාර ගෙවල් මොනතරම් තිබුණත් වැඩක් නෑ භික්ෂූන් වහන්සේලා නැත්නම්. ඒ නිසා අපි කළ යුත්තේ භික්ෂූන් වහන්සේලා රැක ගැනීමයි. භික්ෂූන් වහන්සේලා නැතිකිරීම මහා පාපයක්.

ඒ නිසා මම තීරණය කළා සාමණේර භික්ෂු අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන්න. ඒ කටයුත්ත නොබෝ දිනකින් මත්තෙගොඩ ප්‍රදේශයෙන් ආරම්භ වෙනවා. ඊට අවශ්‍ය ඉදිකිරීම් සියල්ල මේ වන විට ආරම්භ කරලා තියෙන්නේ. මාස 15 මේ ඉදිකිරීම් අවසන් කිරීමට තීරණය කළත් රටේ පවතින තත්ත්වය අනුව එය කල් යා හැකියි. මොකද අද මිනිස්සුන්ට මේ ගොඩනැගිලි හදන්න උදව් කරනවාට වැඩිය ප්‍රශ්නය වෙලා තියෙන්නේ එදා වේල හොයාගන්නේ කොහොමද කියලා.”

- මව්බිම


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka