පාස්කු ඉරුදින දින ත්‍රස්ත ප්‍රහාරයේ ‘මහ මොළකරු’ ලෙස හඳුනා ගෙන ඇති සහරාන් හෂීම් සමග සම්බන්ධකම් පැවැත්වූ IS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Hindustan Times වෙබ් අඩවිය වාර්තා කළේ, ඔක්. 23 වන දා තමිල්නාඩුවේ කොයිම්බතූර් ප්‍රදේශයේ සිදුවූ පිපිරීමේ සැකකරුවන් සමග සම්බන්ධතා පැවත් වූ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහු බදාදා (දෙසැ. 28) අත්අඩංගුවට ගත් බව ය.
රට තුළ ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමේ සැලසුම්වලට සම්බන්ධ වූ බව කියන සනොෆර් අලි ලෙස හඳුනා ගෙන ඇති තව ත් පුද්ගලයෙකු ද ෆෙඩරල් ඒජන්සිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, අත්අඩංගුවට ගත් IS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයා වන ෂෙයික් හිදායතුල්ලා මෙරට පාස්කු බෝම්බ ප්‍රහාරයේ ‘මහ මොළකරු’ ලෙස හඳුනා ගෙන ඇති සහරාන් හෂීම් සමග සම්බන්ධතා පවත්වා ඇති බව ය.
සැකකරුවන් දෙදෙනා ම තමිල්නාඩු ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බව Hindustan Times වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ නිලධාරීන්ට අනුව 2017 වසරේ සිට IS මතවාදය ප්‍රචාරය කරන හිදායතුල්ලා මීට පෙර 2019 ජූනි මාසයේදී අසාරුදීන් සමග අත්අඩංගුවට ගෙන ඇත. පසුව 2020 වසරේදී ඔහු ඇප මත නිදහස් කර ඇත. අසාරුදීන් සහ කේරළ-තමිල්නාඩු IS මොඩියුලයේ නායකයා දැනට පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිරගතව සිටින බව Hindustan Times වෙබ් අඩවිය වාර්තා කර ඇත.
එහි තවදුරටත් දැක්වෙන්නේ, ඔවුන් සහරාන් හෂීම්ගේ ආභාෂය ලැබූවන් බව ත් සහ මෙරට පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ දකුණු ඉන්දීය ප්‍රාන්ත දෙකක එවැනි ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ත් ය.
පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර, හිදායතුල්ලා සහ හෂීම් ෆේස්බුක් පිටුවක් හරහා සම්බන්ධකම් පවත්වා ඇති බවට 2019 වසරේදී හිදායතුල්ලාට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ගොනු කරන ලද චෝදනා පත්‍රයේ සඳහන් යැයි Hindustan Times වෙබ් අඩවිය වැඩිදුරට ත් වාර්තා කර තිබේ.