gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පිළියන්දල උණුසුම්! ආණ්ඩුවේ දෙදරීම එළිපිටට එයි – ලොකුගේ චන්ඩිකම් පෙන්වයි! සාගලගේ උත්සවය වහා නවතා දමයි (PHOTOS)

පිළියන්දල නගරය දේශපාලන අත්අඩංගුවට පත්වි සොහොන් බිමක් බවට පත්වී ඇතැයි පිලියන්දල වෙළඳ සංගමයේ සභාපති නන්දලාල් ජයසුන්දර මහතා පැවසුවා. 
ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (30) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පිලියන්දල නගරය හරහා පොදු ප්‍රවාහනය ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහනට පැය කීපයක් තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ උපදෙස් මත එම වැඩසටහන අවලංගු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

සභාපතිවරයා මෙසේද පැවසුවා,

““වසර තුනක කාලයක සිට ජාලියගොඩ – කැස්බෑව කැලෑ පාරෙන් තමයි බස් ධාවනය  කළේ නව බස් නැවතුම්පොළට. පිළියන්දල නගරයේ හවසට ජන ශුන්‍ය  නගරයක් බවට පත්වෙලා. පිළියන්දල නගර මධ්‍යයෙන් බස්රථ ගමන් නොකිරීම හේතුවෙන් ව්‍යාපාරික ස්ථානය කඩාවැටුණා. සමහර ව්‍යාපාරිකයන් තම වෙළඳසැල් වෙළඳ සැල් විකුණා දැමුවා. ඒ වගේම පාසල් දරුදැරියන්ට රෝගීන්ට මගීන්ට දැඩි දුෂ්කරතා මතු වුණා. ඒ සියලු කරුණු කාරණා ගැන අපි ජනාධිපති වෘත්තිය සමිති සබඳතා අංශය වෙත  ලිඛිතව දැනුම් දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් ඔක්තෝම්බර් 13 වැනි දින ගනු ලැබූ සාමූහික තීරණයක් අනුව පිළියන්දල නගරයේ අලුතින් බස් නැවතුම්පොළ දෙකක් ස්ථාපිත කර නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කලා.”

ඒ අනුව එම බස් නැවතුම්පොළවල් දෙකද මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඊයේ දින ස්ථාපිත කළ බවත් එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක වැඩසටහන ඊයේ දිනයේ ජනාධිපති ආරක්ෂක කටයුතු උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් පිලියන්දල පැරණි බස් නැවතුම් පොළ භූමියේදී පැවැත්වීමට වෙළද සංගමය  සියලු කටයුතු සංවිධානය කරලා තිබූ බවත් සභාපතිවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා විසින් ලිඛිතව අදාළ රාජ්‍ය ආයතන වලට දැනුම් දී තිබෙනවා.

“අපි කළේ සාධාරණ අහිංසක ඉල්ලීමක්. එහෙම තියෙද්දී තමයි ලොකුගේ මන්ත්‍රීතුමා මේ වගේ වැඩක් කළේ.ස්ථාපිත කළ බස් නැවතුම්පොළවල් නැවතත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් ගැලෙව්වා.” යැයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ අදහස් පල කළා.

“පිලියන්දල කැස්බෑව සංවර්ධන කටයුතු සැලසුම් කළේ මගේ තනි තීරණයට නොවේ, බහුතර මහජනයාගේ හිත සුව පිණිසයි. ඔය වෙළද සංගමය එදත් විරුද්ධ වුණා නව බස්නැවතුම්පල හදනකොට. ඒ වගේමයි බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය හදන කොටත් ඔය පිරිසම විරුද්ධ වුණා. ඔය ව්‍යාපාරිකයෝ තමන්ගේ වෙළඳසැල විතරක් නෙමේ මහපාරත් බදු අරගෙනයි තිබ්බේ. අද කිසිදු වාහන තදබදයක් නැතුව බහුතරයක්  ජනතාව සිය අවශ්‍යතා ඉෂ්ට කර ගන්නවා. ලබන වසර වන විට පොදු වෙළෙඳපොළ නව බස් නැවතුම්පොළ අසලට ගේනවා. කොහුවල දක්වා ධාවනය වන බස් රථ වල බහුතරයක් ගමන් ගන්නේ කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත යන රෝගීන් සහ ඔහුගේ ඥාතීන්. ඒ නිසා එම බස්රථවලට පිලියන්දල නගරය හරහා යාමට කිසිදු බාධාවක් නෑ. සුළු පිරිසක් නිසා මට ජනප්‍රිය තීන්දු ගන්න බැහැ. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. “


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka