gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජවිපෙ බලය අල්ලයි! සමූපකාර ඡන්දෙන් විශිෂ්ඨ ජයක්! ප්‍රතිශතය සියයට 62යි!

මහව විවිධ සේවා සමුපකාර සංගම් මහා සභාව වෙනුවෙන් සභිකයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමස්ත ආසන සංඛ්‍යාවෙන් 62% ක ප්‍රතිශතයක් දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා. 
විවිධ සේවා සමුපකාර සංගමයට අයත් ප්‍රාදේශිකයන් 30 ක දී පැවති මෙම ඡන්ද විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණ සිය බලය තහවුරු කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණට ආසන 62ක්, පොදුජන පෙරමුණට ආසන දහයක් 16ත්, සමගි ජන බලවේගයට ආසන 14ක් සහ ස්වාධීන කණ්ඩායමට ආසන 9ක් වශයෙන් බෙදී ගොස් තිබෙනවා.

මහව සමූපකාර ප්‍රාදේශික තිහක් සඳහා සභිකයන් සිය දෙනකු තෝරා පත් කර ගන්නා අතර ඡන්ද විමසීමේ දී පැවති ප්‍රාදේශීය 30 න් 13 ක් සඳහා ඉදිරිපත් වූ සියලු සභිකයන් ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත් වීම ද මෙහිදී කැපී පෙනෙන සිද්ධියක්.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka