gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රථවාහන වැරදි අනුව ලකුණු කැපෙන්නේ මෙහෙමයි

රියදුරන් සිදුකරන රථ වාහන වැරදි අනුව ඔවුන්ට දඬුවම් පැමිණවීම සඳහා දඩ ලකුණු ක්‍රමවේදයක් ලබන මාර්තු මස සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය.
ඊට අනුව දඩ ලකුණු 24ක් රැස්කරගන්නා අයෙකුගේ වසරක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය අහෝසි කෙරෙයි.
ඒ අනුව, 

නියමිත සංඥා ලබා නොදීම හෝ වැරදි සංඥා ලබාදීම, ජංගම දුරකථන භාවිතය, අනතුරක් වළක්වා ගැනීමට අසමත්වීම, ආසන පටි නොපැළදීම සහ අධික ශබ්දය යන වැරදි සඳහා ලකුණු 3ක් රියදුරු බලපත්‍රයට එකතු වෙයි.

එමෙන්ම නියමිත මං තීරුවේ ධාවනය නොකිරීම, වැරදි ලෙස ඉස්සර කිරීම, ඉස්සර කිරීම සඳහා ඉඩ ලබානොදීම, මංසන්ධියකට අදාළ නීතී කඩකිරීම, එක් මාර්ගයක සිට වෙනත් මාර්ගයකට ගමන් කිරීමට අදාළ රීති කඩකිරීම ආදී වැරදි සඳහා ලකුණු 4ක් හිමිවෙයි. 

එසේම මෝටර් රථයක් දිගු දුරක් පසුපසට ධාවනය කිරීම ( Reverse කිරීම), සුළු අනතුරු ළඟම පොලිස් ස්ථානයට වාර්තා නොකිරීම, පොලිස් නිලධාරීයෙකුගේ උපදෙස් හා හස්ත සංඥා අනුගමනය නොකිරීම යන වැරදි සඳහා ද ලකුණු 4ක් එක් කෙරෙයි. 

මේ අතර අධික වේගයෙන් රිය පැදවීමේ වරදට වේග සීමා අනුව ලකුණු 4ත් 8ත් අතර ප්‍රමාණයක් හිමි වෙයි. 

වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම, අධික වේගය, මාර්ග යෝග්‍යතාව නොමැති වාහන ධාවනයක් ( අනතුරක් විය හැකි ආකාරයෙන් ධාවනය), අපරික්ෂාකාරී ධාවනය හා නොසැලකිලිමත් ලෙස ධාවනය යන වැරදි සඳහා ලකුණු 6ක ප්‍රමාණයක් ලබාදීමට නියමිතය. 

මාර්ග අනතුරකින් පසු වාහනය නතර නොකිරීම, (Hඉට් & ර්‍උන්) අදාළ තොරතුරු ඉදිරිපත් නොකිරීම, තුවාල ලැබුවන් රෝහල වෙත හෝ වෛද්‍යවරයෙකු වෙතට රැගෙන නොයෑම, ළඟම ඇති පොලීසිය වෙත අනතුර වාර්තා නොකිරීම සඳහා හිමිවන ලකුණු ප්‍රමාණය ලකුණු 10කි.

එමෙන්ම අදාළ වරදට හසුවන රියදුරන්ගේ ලකුණු ප්‍රමාණය සලකුණු කිරීමටත් දඩ මුදල එම අවස්ථාවේදීම ගෙවීම සඳහාත් නව උපකරණයක් පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට නියමිතය
-aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka