gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති අගමැතිව ඉද්දී කෘෂිකර්ම අමාත්‍යාංශයට මාට්ටු කළ සබීතාගේ ගොඩනැගිල්ල ගැන විගණනයෙන් තවත් හෙළිදරව්වක්…

කෘෂිකර්ම අමාත්‍යංශය සදහා   බදු පදනම මත ලබාගත් රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි  ගොඩනැගිල්ල භාවිතා නොකල  කාලසීමාව  වෙනුවෙන් ද  රුපියල් තිස් එක් කෝටි අනූ හතර දාහක්    ( මිලියන 310.94) බදු කුලී ලෙස ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම  බදු දිමනාකරු විසින් බදු ගැනුම්කරුවන කෘෂිකර්ම අමාත්‍යංශය වෙත  ආපසු ගෙවිය යුතු රුපියල් මිලියන 63ක  තැන්පතු මුදල ද ලබා  දි නොතිබු බව  විගණනය මගින් අනාවරණය කොට ඇත. 

තවද මෙකී ගොඩනැගිල්ලට වි ඇති හානි හා පාඩු සම්බන්ධයෙන් සිදුකළ තක්සේරු වාර්තා පිළිබඳ  දේපාර්ශවය අතර මතභේදාත්මක තත්වයක් නිර්මාණය  විම හේතුවෙන්  කෘෂිකර්ම අමාත්‍යංශයට රුපියල් මිලියන 15.54ක වැඩිපුර  මුදලක් ගෙවිමේ අවදානමක් මතුවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනිමේ දී  බදු ගැනුම්කරුට හා  බදු දිමනාකරුට බදු ගිවිසුම අවසන් කළ හැකි ආකාරය  සම්බන්ධයෙන්වන කොන්දේසියක්  බදු ගිවිසුමට ඇතුළත්ව නොතිබුණි. 

මෙම තත්වය නිසා  වසර 05ක කුලී පදනම මත ලබාගෙන තිබු මෙම ගොඩනැගිල්ල  සිව්වන වසරේදි ආපසු  භාරදෙන අවස්ථාව වන විට  ඉතිරිව තිබු බදු කාලයට  සමානුපාතිකව බදු කුලී ප්‍රමාණයක් අඩුකර ගැනිමට  තිබු අවස්ථාව අහිමි වි  තිබුණි. එම නිසා  ගොඩනැගිල්ල භාවිතා නොකළ කාල සිමාව වෙනුවෙන්ද රුපියල් මිලියන 310.94ක මුදලක් ගෙවිමට සිදුවි තිබුණි..

එමෙන්ම බදු ගිවිසුමේ කොන්දෙසි අනුව  ගිවිසුම අවසන් වි බදු දේපළ භාරදිමෙන්  මාසයක කාලයක් තුළ  බදු දිමනාකරු විසින්  රුපියල් මිලියන 63ක තැන්පතු මුදල  බදු ගැනුම්කරුවෙත ලබාදීමට කටයුතු කළ යුතුවේ. එහෙත් කෘෂිකර්ම අමාත්‍යංශ විසින් බදු දේපල භාරදි ගිවිසුම අවසන් කිරිමට  ක්‍රියාකරණ ලද සෑම අවස්ථාවකදිම  බදු දිමනාකරු ඊට එරෙහිවි තිබුණි. 

මේ සඳහා එරෙහිවිම හා  ගිවිසුමේ මුලික කොන්දේසිවලට අනුකුලව  ක්‍රියාකරමින් ඇති නිසා  මෙම තැන්පතු  මුදල ලබා ගැනිමට නොහැකි වි තිබුණි.

එමෙන්ම  බදු ගැනුම්කාර පාර්ශවයෙන් ගොඩනැගිල්ලට වි ඇති හානිය සම්බන්ධයෙන්  දේපාර්ශවයේ  එකගතාවයෙන්  සුදුසු තාක්ෂණික ආයතනයක් මගින්  අලාභහානි සම්බන්දයෙන් වාර්තාවක් කැඳවිය යුතු බවට  ගිවිසුම තුළ කොන්දෙසියක් ඇතුළත්කොට නොතිබුණි. 

මෙම තත්වය නිසා කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරින් විසින් සිදුකර තිබු තක්සේරුවට අනුව  ගොඩනැගිල්ලට වි ඇති හානිය රුපියල් මිලියන  12.71කි. 

බදු දීමානාකා සමාගම විසින්  සිදුකළ තක්සේරුවට අනුව  ගොඩනැගිල්ලට වි ඇති හානිය  රුපියල් මිලියන 28.25ක් ලෙස තක්සේරුකොට තිබුණි.

මෙම ගොඩනැගිල්ල සඳහා  බදු ගිවිසුමට අත්සන් කර තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් හිටපු ලේකම් ඩී. විජේරත්නය.  ගොඩනැගිල්ල හිමි සමාගම  වෙනුවෙන් ඩී.පී.ජයසිංහ, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික උපාලි ජයසිංහ සහ ප්‍රවීන රංගන ශිල්පී සබීතා පෙරෙරාය.

ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීම පිළිබඳව  බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත්,  වරප්‍රසාද, බලය සහ අධිකාරිය  අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ දී හෙළි වූයේ  මෙම ගොඩනැගිල්ල බදු පදනම මත රැගෙන ඇත්තේ එවකට අගමැතිවරයා වූ  වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට  අනුව බවය. 

එහිදී  හිටපු අග්‍රාමාත්‍ය, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසම ඉදිරියේ   සාක්ෂි දෙමින් පිළිගත්තේ   රාජගිරියේ ගොඩනැගිල්ලට රජය කළ මුළු වියදම රුපියල් බිලියන දෙකකට අධික  නමුත් ඉන්  බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු  බවය.

- ලලිත් චාමින්ද
-lankasara 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka