gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආච්චියි නැන්දයි එක්ව දැරියක් පන්සලට ගෙන ගොස් නායක චීවරධාරියාට කෙලෙසන්න දීලා…

නායක චීවරධාරියාගේ සොයුරෙක් දැරියගේ නැන්දාගේ නිවසටම ගොස් දැරිය කෙලෙසලා... හතර දෙනාම රිමාන්ඩ්
මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ දී වයස අවුරුදු දාහතරක පාසල් දැරියක් දූෂණය කිරීමක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක නායක චීවරධාරියෙක් ඇතුළු හතර දෙනෙක් ජනවාරි මස 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර අත.
මෙම ළමා දූෂක චීවරධාරියා සහ අනුබල දුන් පිරිස ඇතුළු සිව් දෙනා දොඹගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ජාඇල ප්‍රදේශයේ පදිංචි දැරියක් පාසල් නිවාඩු කාලයේ දී දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි සිය නැන්දනියගේ නිවස වෙත පැමිණ ඇත.

මෙම දැරිය සිය මිත්තනිය සහ නැන්දනිය සමගින් විහාරස්ථානයට ගිය අවස්ථාවදී ඔවුන් දෙදෙනා ගේ ද සහය ඇති ව අදාල නායක චීවරධාරියා විහාරස්ථානය තුළදීම මෙම දැරියට ලිංගික අතවර සිදු කර ඇතැයි මූලික විමර්ශනවල දී හෙළි වී තිබේ.

මෙම සිද්ධියෙන් පසු එම නායක චීවරධාරියාගේ සහෝදරයෙක් දැරියගේ නැන්දනියගේ නිවස වෙතම ගොස් දැරියට ලිංගික අතවර සිදු කර ඇති බවට සිදු කළ විමර්ශන වලින් අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම සිදුවීමට සම්බන්ධය චීවරධාරියාත්, ඔහුගේ සොයුරා සහ මෙම අපරාධය ට අනුබල දුන් නැන්දනිය සහ මිත්තනියත් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

- ජයන්ත වීරසේකර – වැල්ලවාය
- නෙත් 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka