gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෙස්ටන් රෝහලේ මහාචාර්ය රිස්වි අත්අඩංගුවට!; හේමාස්ට නඩු !

බොරැල්ල වෙස්ටර්න් රෝහල විසින් සිදුකරන ලදැයි කියන වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමට අදාළව එහි හිමිකරු බව කියන මහාචාර්ය රිස්වි ශෙරීෆ් මහතා ඇතුළු එම රෝහලේ කාර්යමණ්ඩලයේ පිරිසක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කර අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විට පරීක්ෂණ සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ එම රෝහලේ කාර්යමණ්ඩලයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදී ඇති බද්ධ ශල්‍යකර්ම සිදු කළ අයගේ තොරතුරු සහ පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු ඇතුළත් ෆෝල්ඩර සහ ලේඛනවල මුල් පිටපත් කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) භාරදෙන ලෙස කර ඇති නියෝගය කඩ කිරීම නිසාය.

මේ අතර, වකුගඩු පරිත්‍යාග කිරීමට රවටා ඇති බවට පැවසෙන පුද්ගලයන්ට සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කර නොමැති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (SDSG) දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා දන්වා සිටියේය.

මෙම වංචාව පිටුපස සිටින අය වකුගඩුවක් පරිත්‍යාග කිරීම සඳහා ඔවුන්ට ලැබෙන විශාල මුදල ගැන පමණක් පවසා දුප්පත් පවුල්වල පුද්ගලයින් ඉලක්ක කර මේ ඡාවාරම සිදුකර ඇතැයි ද ඔහු අධිකරණයට කියා සිටියේය.

එසේම බොරැල්ල වෙස්ටර්න් රෝහලේ වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය සහ පරිපාලකයින්ගේ පූර්ණ අනුදැනුම මත මෙම වංචාව සිදු කර ඇති බවද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

වකුගඩුවක් සඳහා රුපියල් ලක්ෂ 50 සිට රුපියල් මිලියන 12 දක්වා මුදල් ගෙවීමට වින්දිතයින්ට පොරොන්දු වන තැරැව්කරුවන් යොදවා මෙම වකුගඩු ලබාගෙන ඇති බවත්, වකුගඩු දෙස් විදෙස් රෝගීන්ට ලබාදී ඇති බවත් ඔහු හෙළිකර තිබේ.

පසුගිය අගෝස්තු 03 වැනිදා සිට නොවැම්බර් 03 වැනිදා දක්වා වූ කාලය අතරතුර වයස අවුරුදු 30-42 අතර වයසේ පසුවන කාන්තාවක් ඇතුළු හයදෙනකුගෙන් වකුගඩු ලබාගෙන ඇතත් ඔවුනට පොරොන්දු ප්‍රකාරව මුදල් ගෙවා නොමැති බවත් ඉන් කෝපයට පත් එම පිරිස පසුගිය 17 වැනිදා එම රෝහලට ගොස් මුදල් ඉල්ලා කරදර කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වාදී ඇත.

එම අවස්ථාවේදී එම පිරිස බොරැල්ල ප්‍රදේශයේම පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය අසලට කැඳවාගෙන පැමිණ ඇති මේ වනවිටත් පොලිස් සේවයේ යෙදී සිටින එක්තරා ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු එක් අයකුට රුපියල් ලක්‍ෂ 2 බැගින් ලබාදී මින්පසු එම රෝහලට ගොස් මුදල් ඉල්ලා කරදර කළහොත් අතපය කඩන බවට තර්ජනය කර යළිත් මුදල් ඉල්ලා නොසිටින බවට සඳහන් කළ දිවුරුම් ප්‍රකාශවලට බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන ඇතැයි ද මේවන විට හෙළිව තිබේ.

පොලිස් නිල ඇඳුමෙන් සැරසී එලෙස එම රෝහල ආරක්‍ෂා කිරීම සඳහා පෙනී සිටි එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ නෙවිල් සිල්වා මහතා අධිකරණයට පෙන්වා දී ඇත.

එලෙස එකඟවූ පරිදි මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ හයදෙනා අතරින් එක් පුද්ගලයකු ඔහුගේ වකුගඩුව පරිත්‍යාග කර ඇත්තේ එම රෝහලේ ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය රිස්වි ශෙරීෆ් මහතාට බද්ධ කිරීම සඳහා බවත් මේවන විට හෙළිව තිබේ.

එම පැමිණිලිකරුට රුපියල් ලක්‍ෂ 95ක් ලබාදෙන බව පවසා ඇතත් එම මුදල මෙතෙක් ලබාදී නැතැයි ද වාර්තා වේ.

පෙර කී පුද්ගලයන්ට සිදුකළ වකුගඩු ඉවත් කිරීමේ සැත්කම්වලට අමතරව එම පෞද්ගලික රෝහලේදී මෙම වසර තුළදී පමණක් වකුගඩු ඉවත් කිරීමේ හා බද්ධ කිරීමේ සැත්කම් 52ක් සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි ද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දී ඇත.

හේමාස් ලාට නඩු..

මේ අතර, පසුගිය කාලයේ දී ඉන්දීය ආරක්ෂක අංශ විසින් වසර 2013 දී හෙළිකර ගන්නා ලද හේමාස්, නවලෝක, ලංකා හොස්පිටල් හා වෙස්ටර්න් හොස්පිටල් හි සිදුකරන ලදැයි කියන වකුගඩු ජාවාරම නිසා අගතියට පත්ව මෙතෙක් අසාධාරණයට ලක්ව සිටින පිරිසක් එම රෝහල්වලට විරුද්ධව නඩු පැවරීමට මේවන විට කටයුතු කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සඳහා ඉන්දියාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාකයක් ඉදිරිපත්ව ඇති බවද පැවසේ.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka