gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයෙන් මෙපිට ඡන්දයක් නෑ… මාර්තු ඡන්දය කල් දමාගෙන පොහොට්ටුවන් රනිල් ජනපති කරන සැලසුම මෙන්න…

පවතින තත්ත්වය තුළ  ජනාධිපතිවරණයෙන් මෙපිට කිසිම ඡන්දයක් නොපත්වන බවත්, ඒ අනුව  ලබන මාර්තුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සූදානමක් නැති බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.
වාර්තාවන පරිදි ජනාධිපතිවරණයේ දී එකම පොදු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවත්, ඔහුට  සහයෝගය ලබා දීමට සූදානම්වන ලෙස පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක   බැසිල් රාජපක්ෂ පක්ෂයේ  මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇත .

ඒ අතර නාමල් රාජපක්ෂත් රටට ඉන්න හොඳම පොදු අපේක්ෂකයා  රනිල් වික්‍රමසිංහ බව    ප්‍රකාශ කරමින්  ඔහු වෙනුවෙන් තරුණ ඡන්ද  පෙළ ගැස්වීමේ වගකීම භාර ගෙන ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

නාමල් රාජපක්ෂ දැනටමත් එම ප්‍රචාරක ව්‍යාපෘතිය දියත් කර  තිබේ.

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙළ ගැස්වීම  වජිර අබේවර්ධන භාරගෙන ඇත. වතුකරයේ එම ව්‍යාපෘතිය ජීවන් තොණ්ඩමන් යටතට පැවරී තිබේ.

අතුරුදහන්වූවන්ගේ ගැටලුව සහ බලය බෙදීම සම්බන්ධව නිශ්චිත විසඳුමක් ලබා දුනහොත් ටී.එන්.ඒ බහුතරයේ සහාය ද රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීම සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි වාර්තා වේ.  මෙම ඡන්ද ව්‍යාපෘතිය පදනම් කරගෙන ටී.එන්.ඒ ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟතාවය පල කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඒ අතර සමගි ජන බලවේගයේ  කොටසක් ඩැහැ ගැනීමටත්, ඔවුන් වෙනුවෙන් ආසන සංවිධායක ධූර ලබා දීමටත් සැලසුම් කර සාකච්ඡා පවත්වමින් ඇත.  ජාතික ජන බලවේගය සමග   දේශපාලනික සංහිඳියාවක් ඇති කරගැනීමටත් මේ වනවිට වැඩපිළිවෙළක් දියත් වී ඇතැයි එම තොරතුරු හෙළි කරයි.

මෙම කඳවුර ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා බණ්ඩානරනායක කුමාරතුංග ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වුන කණ්ඩායමත්, නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්,  කරූ ජයසූරිය ඇතුළු පිරිසකුත් එක් කරගැනීමට ද මූලික එකඟතා පල වී ඇතැයි හෙළි වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka