පිටරටවල ඉගෙනගත්ත පරංගි ඇවිල්ලා කියපු පළියට නයිට් ලයිෆ්-නයිට් ක්ලබ්-කැසිනෝ-ගංජා මේ රටේ සංස්කෘතියට එකතු කරන්න දෙන්න බෑ! මේක හිඟා කන වැඩක්! කාදිනල් හිමියෝ ඊළඟ සටන ආරම්භ කරයි!
පිටරටවල ඉගෙනගත් හා ජීවත්වන පරංගි ඇවිත් කී පලියට නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා ආදිය මෙරට සංස්කෘතියට එක්කිරීමට ඉඩ දිය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
උතුම් බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සීලාචාරකම හා සංස්කෘතිය විනාශ කිරීමට ඔවුන්ට ඉඩදිය නොහැකි බවත්, එවැනි මෝඩ දේ කිරීමට ඉඩනොදෙන ලෙස තමන් සංඝයා වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයින් ඉල්ලීමක් කරන බවත් කාදිනල්තුමෝ සඳහන් කළහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ ලෝක බැංකුවෙන් හෝ කී පලියට රටට නොගැලපෙන නීති ක්‍රියාත්මක කිරීම හිඟා කන වැඩක් බව ද කාදිනල්තුමෝ කීහ.
ඇතැම් දේශපාලනඥයින් ලංකාවම විකුණා හෝ කකා බිබී ඉන්නට කල්පනා කරමින් විදේශීය සමාගම්වලට රටේ කොටස් ලබාදෙන බවත්, ‘බලය, තනතුරු ආරක්‍ෂා කරගැනීම සඳහා රට පාවිච්චි කරන්නට එපා’ යැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
මැල්කම් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ මීගමුව, කුරණ, ශාන්ත පීතර විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමිනි.
පිටරටවල ඉගෙනගත්ත පරංගි ඇවිල්ලා කියපු පළියට නයිට් ලයිෆ්-නයිට් ක්ලබ්-කැසිනෝ-ගංජා මේ රටේ සංස්කෘතියට එකතු කරන්න දෙන්න බෑ! මේක හිඟා කන වැඩක්! කාදිනල් හිමියෝ ඊළඟ සටන ආරම්භ කරයි!
2022-12-11T21:28:00+05:30
Gossip Lanka Hot News





