බැසිල්ගෙන් පොහොට්ටුවේ සන්ධානගත පක්ෂවලට හදිසි පණිවුඩයක්! විමල්ගෙන් සැර උත්තරයක්! ඩලස් පිලෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ!
තමන් විසින් සිදුකරනු ලැබූ රහස් මත විමසුමක ප්‍රතිපල ලැබීමත් සමග පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවේ සන්ධාන පක්ෂ යළි එකතු කිරීමේ උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේදී පොහොට්ටුවේ සිට ඉවත්ව ස්වාධීනව සිටින විමල්-ගම්මන්පිල පාර්ශ්වයට සහ ජී.එල්.-ඩලස් පාර්ශ්වයට තෙවන පාර්ශ්වයන් හරහා පණිවුඩ කිහිපයක් යොමු කොට ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මෙහිදී විමල් පාර්ශ්වයෙන් ඊට දැඩි පිළිතුරක් ලැබී ඇති අතර ඔවුන් දැනුම් දී ඇත්තේ ජනවරම විනාශ කළ පොහොට්ටුව සමග යළි කිසිදු දිනෙක සන්ධානගත නොවන බවකි.
මීට අමතරව ජී.එල්. ඩලස් පිලද බැසිල්ගේ පණිවුඩයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මෙහිදී විමල් පාර්ශ්වයෙන් ඊට දැඩි පිළිතුරක් ලැබී ඇති අතර ඔවුන් දැනුම් දී ඇත්තේ ජනවරම විනාශ කළ පොහොට්ටුව සමග යළි කිසිදු දිනෙක සන්ධානගත නොවන බවකි.
මීට අමතරව ජී.එල්. ඩලස් පිලද බැසිල්ගේ පණිවුඩයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද දැනගන්නට තිබේ.
බැසිල්ගෙන් පොහොට්ටුවේ සන්ධානගත පක්ෂවලට හදිසි පණිවුඩයක්! විමල්ගෙන් සැර උත්තරයක්! ඩලස් පිලෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ!
2022-12-03T14:37:00+05:30
Lanka Hot News