නිමල් සිරිපාල කිව්වේ 3යි කියලා! මෙන්න ශ්‍රී ලංකන් සභාපති කියනවා පාඩු පිට පාඩු ලබනවා කියන ශ්‍රී ලංකන් එකට අලුතෙන් සුපිරි ගුවන් යානා 11ක්ම ගන්නවලු! කැබිනට් එකෙත් අනුමැතිය දෙයි කියන්නේ!
පාඩු ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහා තවත් අලුත් ගුවන් යානා 11ක් කල්බදු ක්‍රමය යටතේ ලබා ගැනීමට සැලසුම් කර ඇති බව එම ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා කීය.
ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිවනු ඇති බවද පතිරගේ මහතා පෙන්වා දී ඇති බව ඩේලි එෆ්.ටී. පුවත්පත වාර්තා කොට ඇත.
මේ අතර අශෝක් පතිරගේ මහතා සභාපතීත්වය දරන සොෆ්ට්ලොජික් සමාගම සහ ඔඩෙල් යන ආයතන කොටස් වෙළෙදපොළෙන් ඉවත් කිරීමට තීරණය කොට ඇති බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කොට තිබිණි.
ඒ ඔවුන් වාර්ෂික වාර්තා කොටස් වෙළෙදපොළ වෙත ලබා දී නොතිබුණු බැවිනි.
කෙසේවෙතත් පසුගිය සතියේදී ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කියා සිටියේ ගුවන් සේවයට කල්බදු ක්‍රමය යටතේ ගුවන්යානා 3ක් පමණක් ගැනීමට තීරණය කොට ඇති බවය.
-mawratanews
නිමල් සිරිපාල කිව්වේ 3යි කියලා! මෙන්න ශ්‍රී ලංකන් සභාපති කියනවා පාඩු පිට පාඩු ලබනවා කියන ශ්‍රී ලංකන් එකට අලුතෙන් සුපිරි ගුවන් යානා 11ක්ම ගන්නවලු! කැබිනට් එකෙත් අනුමැතිය දෙයි කියන්නේ!
2022-12-04T07:27:00+05:30
Gossip Lanka Hot News