තම ගම් ප්‍රදේශය වන අම්පාර සිට කොළඹට පැමිණීමට සඳහා ඉන්ධන වියදම රුපියල් පනස් පන්දහසක් වැය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.
අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකට ගියහොත් රුපියල් 75,000ක් ඉන්ධන සදහා වැයවෙන බව ද පැවසූ ඔහු එම නිවාස දුර ප්‍රමාණයන් ඇතැම් විට කිලෝමීටර දෙසීය ඉක්මවන බවත් පැවසීය.
මන්ත‍්‍රීවරුන්ගේ ගමන් සඳහා වැයවෙන ඉන්ධන වියදම ඇසිරීමේදී දැනට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නැතැයි ද පැවසූ ඔහු මෙතෙක් රුපියල් 104 බැගින් ඉන්ධන ලීටර හයසියයක් සදහා මුදල් ලබාදුන්නද අද එම මුදලට ඉන්ධන ලබාගත නොහැකි බවද පැවසීය.
එමෙන්ම අද වන විට තම නිවෙස ගිනිබත් කර ඇති බැවින් ඉන්න හිටින්න තැනක් නොමැතිව හිගන්නෙකුගේ තත්වයට වැටී ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.