gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව කන්දකාඩු යවා පුනරුත්ථාපනය කළ යුතුයි – ගම්මන්පිලගෙන් යෝජනාවක්!

බුද්ධ දේශනාව අනුව ණය නැතිවීමේ සැපය ගැන කියමින් ජනාධිපතිවරයා අයවැය කතාව ආරම්භ කළ ද වෙනදාටත් වඩා ආණ්ඩුව මෙවර වියදම් වැඩි කර තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. 
ඒ, අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

2023 වසරේදී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3456ක් ලෙස ඇස්තමේන්තු ගතකරන විට රාජ්‍ය වියදම රුපියල් බිලියන 7879ක් ලෙස දක්වා ඇති හෙයින් මෙහිදී බරපතල ලෙස ණය ගැනීමට සැලැස්මක් නොතිබුණා නම් ඒ ගැන පුදුම විය යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

දැනටමත් රුපියල් ට්‍රිලියන 25ක් වන සමස්ත රාජ්‍ය ණය තවත් 20%කින් 2023 වසරේදී ඉහළ යාමට නියමිත බව හෙතෙම කියාසිටියේය.

මෙලෙස ආණ්ඩුව රට ණය උගුලක හසුකරවීමේ ඇබ්බැහිය සුවකිරීම සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කන්දකාඩු යැවීමට පෙර ආණ්ඩුව කන්දකාඩු යවා පුනරුත්ථාපනය කළ යුතුව ඇති බව ගම්මන්පිල මන්ත්‍රීවරයා අවධාරණය කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka