මහින්ද දේශපාලනයෙන් සමුගනී – පොහොට්ටු ප්‍රබලයින් නායකත්වයට රනිල් තෝරා ගනී! ලබන ජනවාරියේ අලුත් සන්ධානයක්!
2023 ජනවාරි මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් ගොඩ ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් එම සන්ධානය සමඟ ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.
ජනාධිපතිවරයාට මේ වනවිට දේශීයව සහ ජාත්‍යන්තරව ගොඩ නැඟී ඇති විශ්වාසය සහ පරිණතභාවය සහ මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් වීම මත වඩාත් නිවැරදි තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග නව සන්ධානයක් ගොඩ නැඟීම බවයි පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ.
ඉදිරියේදී රටට අවශ්‍ය වන්නේ දැඩි ආර්ථික කළමනාකරණයක් බවත් ඒ සඳහා සුදුසුම දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවට තම පක්‍ෂයේ වැඩි පිරිසකගේ අදහස බවත් හෙතෙම සඳහන් කළා.
සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී නව දේශපාලන ගමනක් ආරම්භ නොකළ හොත් මින් ඉදිරියට කිසිදු දේශපාලනඥයකුට පැවැත්මක් නැති බවත් එනිසා පක්‍ෂවලට ලේබල්වී සිදුකරන දේශපාලන අවසන් කළ යුතු බවත් එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

- asianmirror
මහින්ද දේශපාලනයෙන් සමුගනී – පොහොට්ටු ප්‍රබලයින් නායකත්වයට රනිල් තෝරා ගනී! ලබන ජනවාරියේ අලුත් සන්ධානයක්!
2022-11-03T07:31:00+05:30
Gossip Lanka Hot News