ටෝච් එකයි කුඩයයි ඉල්ලපු ගෝඨාගේ වියත්මගෙන් ආ සීතා සුපිරි V8 ජිප් එකක් අමාත්‍යංශයෙන් ඉල්ලලා! දැනටමත් බෙන්ස් එකකුයි BMW එකකුයි දීලා තියෙනවාලු!
සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ තමන්ට V8 වර්ගයේ සුපිරි ජීප් රථයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ වනවිට රාජ්‍ය ඇමැතිවරියට බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් සහ බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන කොට්ඨාසයේ වාර්තා අනාවරණය කරයි.
මෙම වාහන දෙකට අමතරව මෙම V8 වර්ගයේ සුපිරි රථය ඉල්ලා ඇත. මේ වනවිට එම රථය පරිහරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංගයි.
අතිරේක ලේකම්වරිය එම ජීප් රථය ලබා දීමට අකැමැති වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් පසුගිය මැයි මස නවවැනිදා පැවති ආණ්ඩුව ඉවත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා කැබිනට් අමාත්‍යවරයකු පත් කළද එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයකු පත් කළේ නැත.
ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ මෝටර් රථ අතිරේක ලේකම්වරු දෙදෙනකු භාවිතයට ගත් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
V8 වර්ගයේ මෝටර් රථය ලබා ගැනීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් විමසීම සඳහා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සීතා අරඹේපොල සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
මීට ඉහතදීත් රාජ්‍ය ඇමැතිවරිය කුඩයක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලයක් ඇති විය. -අරුණ
මෙම වාහන දෙකට අමතරව මෙම V8 වර්ගයේ සුපිරි රථය ඉල්ලා ඇත. මේ වනවිට එම රථය පරිහරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංගයි.
අතිරේක ලේකම්වරිය එම ජීප් රථය ලබා දීමට අකැමැති වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් පසුගිය මැයි මස නවවැනිදා පැවති ආණ්ඩුව ඉවත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා කැබිනට් අමාත්‍යවරයකු පත් කළද එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයකු පත් කළේ නැත.
ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ මෝටර් රථ අතිරේක ලේකම්වරු දෙදෙනකු භාවිතයට ගත් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
V8 වර්ගයේ මෝටර් රථය ලබා ගැනීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් විමසීම සඳහා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සීතා අරඹේපොල සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
මීට ඉහතදීත් රාජ්‍ය ඇමැතිවරිය කුඩයක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලයක් ඇති විය. -අරුණ
ටෝච් එකයි කුඩයයි ඉල්ලපු ගෝඨාගේ වියත්මගෙන් ආ සීතා සුපිරි V8 ජිප් එකක් අමාත්‍යංශයෙන් ඉල්ලලා! දැනටමත් බෙන්ස් එකකුයි BMW එකකුයි දීලා තියෙනවාලු!
2022-11-22T10:05:00+05:30
Lanka Hot News