gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. 
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ දැක්වුණේ, ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ද ඉදිරිපත් කරන ලෙසයි.

වසන්ත මුදලිගේ මහතා ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.

ඒ අනුව, පෙත්සම විභාගය ජනවාරි 31 වන දා ආරම්භ වේ.

පෙත්සම අද කැඳවුණේ විජිත් මලල්ගොඩ සහ එස් තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේයි.

වසන්ත මුදලිගේ මහතා වෙනුවෙන්, ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා පෙනී සිටි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka