gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්ෂය අද කොළඹ වටලන්න එයි! ආරක්ෂක අංශයට සජිත්ගෙන් අවවාදයක් – පා ගමන බාධා කළොත් කරන දේත් කියයි

වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජාතික සභාව යන දේශපාලන පක්ෂ ද ඊට එක්වීමට නියමිතයි. 
‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ මැයෙන් සංවිධානය කර තිබෙන මෙම විරෝධතා පා ගමන මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් අද සවස 3.00ට ආරම්භ ‌කෙරෙනවා.

වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ආණ්ඩුවට එරෙහිව සංවිධාන කරන විරෝධතා පාගමන අද මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතයි.

කොටුව දුම්රිය පොළ දක්වා එය ගමන් ගැනීමට සැලසුම් කර තිබෙනවා.

වෘත්තිය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පෙරේදා පැවති සාකච්ඡාවෙන් පසු එයට සහාය දෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

ඉන් පසුව විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ සහාය ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීමට වෘත්තිය සමිති නියෝජිතයන් සහ බහුජන සංවිධාන ඊයේ (01) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුා.

වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය ද අද පැවැත්වීමට නියමිත විරෝධතායට සිය සහභාගීත්වය ඊයේ තහවුරු කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ආණ්ඩුවේ මර්ධනයට එරෙහි විරෝධයට  සමගි ජන බලවේගය සියයට සියයක්ම ශක්තිය ලබාදෙන බවයි.

මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත් ඒ වෙනුවෙන් එකට එක් වී අරගල කළ යුතු යැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී පාගමනට එරෙහිවීමට කිසිවකුටත් අයිතියක් නැති බවත් මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමේ අවස්ථාවට කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

මෙම විරෝධතාවය සාමකාමී, පා ගමනක් බැවින් එය මර්දනය කිරීමට ආරක්ෂක අංශ සූදානම්ව සිටිනවානම් වහාම එය ඉවත් කරගත යුතු බවත් ඔහු සඳහන් කළා.

මර්දනයේ පීතෘවරුන් වන්නේ රාජපක්ෂවරුන් බවත් සාමකාමී විරෝධතාවයට කිසිවකු හෝ අත තබන්නේ නම් ඊට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ ඇතුළු  පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිම චෝදනාවක් නැතිව බවත  පුනරුත්ථාපනය කළ යුත්තේ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යැයිද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka