අයවැය සම්මත කරන්න පොහොට්ටුවේ අපට පුළුවන්... ඇමතිකම් දී තව අය ගන්න උවමනා නෑ - පොහොට්ටු ලේකම්
මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය සම්මත කිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බව එම පක්ෂ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කලේය.
එනිසා අයවැය සම්මත කිරීමට වෙනත් පාර්ශවයන්ගේ සහාය ලබා ගැනීමට වැඩි මහන්සියක් නොගත යුතු බවද හෙතෙම පවසයි.
අයවැය සාමාන්‍ය බහුතරයකින් සම්මත විම ප්‍රමාණවත් බවත් අයවැය යනු තුනෙන් දෙකකින් සම්මත වීම අත්‍යවශ්‍ය දෙයක් නොවන බවත් පැවසූ ඔහු අයවැය සම්මත වීම හා අමාත්‍ය ධුර ලබා දීම අතර සම්බන්ධයක් තමන් නොදන්නා බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.
අයවැය සම්මත කරන්න පොහොට්ටුවේ අපට පුළුවන්... ඇමතිකම් දී තව අය ගන්න උවමනා නෑ - පොහොට්ටු ලේකම්
2022-11-15T06:50:00+05:30
Lanka Hot News






