වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ව්‍යෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් ජයවරුවන් බණ්ඩාර, සම්බන්ධවත් විශේෂ විමර්ශනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
හම්බන්තොට මන්දපෝෂණය පිළිබඳව හෙළි කිරීම නිසා මේ වනවට එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර ඇත.
මේ පිළිබඳව කළ විමසීමක දී වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ තමන්ගෙන් අනතුරුව ඊලඟ බිල්ල වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.
තවමත් තමන්ට වැඩ තහනම සම්බන්ධව දැනුම් දෙන ලිපිය අමාත්‍යාංශයෙන් ලැබී නැති බවත් එය ලැබුණු වහාම අවශ්‍ය නෛතික කටයුතු දියත් කරන බවත් වෛද්‍ය චමල් සංජීව කීවේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සම්බන්ධව ද විශේෂ විමර්ශන අමාත්‍යාංශ මට්ටමින් ආරම්භ කර ඇති බවය.
lankasara
