අය- වැයට පෙර කැබිනට් සංශෝධනය නොකළොත් ආණ්ඩුව පෙරළන බව කී පොහොට්ටු තර්ජනයට ජනපතිගෙන් පිළිතුරක්!
අය වැය විවාදය සහ ඡන්ද විමසීම අවසන් වනතෙක් කැබිනට් සංශෝධනයක් සිදුනොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පොහොට්ටු කණ්ඩායම අයවැයට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකර තමන් කැබිනට් ඇමති ධූරවල පිහිටුවන ලෙස දන්වා එසේ නොකළහොත් අය වැය පරාජය කරන බවට ජනාධිපතිවරයා වෙත අනතුරු අඟවා ඇති අවස්ථාවක දී ය.
කෙසේ නමුත් ජනාධිපතිවරයා සිය ස්ථාවරය දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අයවැයෙන් පසු කැබිනට් මණ්ඩලය සම්බන්ධව අවශ්‍ය සංශෝධන කරන බවය.
ලබන 14 වැනිදා අය වැය ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුරුව ව සති දෙකක් පුරා අය – වැය විවාදය පැවැත්වේ.
- lankasara
අය- වැයට පෙර කැබිනට් සංශෝධනය නොකළොත් ආණ්ඩුව පෙරළන බව කී පොහොට්ටු තර්ජනයට ජනපතිගෙන් පිළිතුරක්!
2022-11-05T07:57:00+05:30
Gossip Lanka Hot News





