gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ආයෙත් නැගිටින්න නම් එපා’ – මහින්දට වැඳ චම්පික ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිබුණත් නැතත් නිර්භීත විසඳුමකට අප යායුතු බවත්, එහි ඇපය මතම විශ්වාස කර ගෙන නොයන තරමට ශ්‍රී ලංකාව ආරක්ෂිත බවත්, 43 සේනාංකය නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

හැකිතාක් දුරකට ශ්‍රී ලංකාව ආර්ථික ජාතිකවාදයක් කරා ගමන් කළ යුතු බව ඔහුගේ අදහසය. මේ සඳහා පාලකයාගේ පැත්තෙන් පටන්ගෙන පරිත්‍යාග සිදු කරමින් සිදු කළ යුතු ආර්ථික ක්‍රියාවලියක් පවතින බව ද හෙතෙම අවධාරණය කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ 43 සේනාංකය විසින්  මහවැලි කේන්ද්‍රයේ දී සංවිධානය කරන ලද ‘බිඳවැටුන රටක දේශපාලනය’ දේශපාලන කථිකාව අමතමිනි.
එහිදී රණවක මහතා විසින් පහත කරුණු  අවධාරණය කරන ලදී.

“ප්‍රධානම කාරණය අපේ ණයහිමියන් සමග කතා කොට අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිද? ඒ වගේම අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන රැකවරණය, ඇප වීම ලැබෙයි ද? අපට කියලා තියෙන විදියට නම් මේ දෙසැම්බර් මාසය වන විට අපේ ණයහිමියන් සමග සාකච්ඡා කරලා ලබන ජනවාරි වන විට අපට මූල්‍ය අරමුදලේ ඇප වීම ලැබෙන බව තමයි කියා තිබෙන්නෙ. මේක වෙයි ද? කියන ප්‍රශ්නය තියෙනවා. ප්‍රතිපත්ති 4 ක් මත තමයි මේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ කතා බහ යන්නෙ.”

1. විනිවිද භාවය

අපේ ණය තොගය විනිවිදභාවයකින් යුතුව ණයහිමියන්ට පෙන්වා දීලා බෙදාහදාගෙන කටයුතු කිරීම. මේ ණය ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙ කතා කළාම කියන්නෙ ඒ ගැන කතා කරන්න බෑ කියලා. තවම ජනතාවට නම් විනිවිදභාවයෙන් මේ තොරතුරු ලබාදීලා නෑ.

2. සද්භාවය/ ණය හිමියන් සමග සහ සම්බන්ධය

මේ සඳහා දැනට ආයතන දෙකක් නම් කරලා තියෙනවා ලංකාවෙන්. මුදල් පැත්ත ගැන කතා කරන්න එක ජාත්‍යන්තර ආයතනයකුත්, නීතිමය පැත්ත කතා කරන්න තවත් ආයතනයකුත් ටෙන්ඩර් කැඳවලා සම්බන්ධ කරගෙන තියෙනවා.

3. ණය හිමියන්ට සාධාරණ සහ සංසන්දනාත්මකව සැළකීම

එක ණයහිමියෙකුට එකක් කරලා තව ණය හිමියෙකුට තව එකක් කරන්න බෑ. අපට ඇවිත් තිබෙන ලොකුම ගැටළුව ඕකයි. දැනට ලංකාණ්ඩුව තීරණය කරලා තියෙනවා ට්‍රිලියන 12.3 ක් පමණ වූ දේශීය රුපියල් ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෑ කියලා. එතකොට විදේශ ණයහිමියන් කියන්න පුළුවන් මුලින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරගෙන එන්න කියලා.

4. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම

ණය තිරසරයි කියන ප්‍රකාශනය ලැබීමට නම් කාරණා කිහිපයක් සැපිරිය යුතුයි.

උදාහරණ ලෙස;

– අපේ ණය ප්‍රමාණය ද.දේ.නිෂ්පාදිතයෙන් 125% ක් පමණ වෙනවා. මේ ප්‍රමාණය 100% ට අඩු විය යුතුයි.

– විදේශ ණය ආපසු ගෙවීම ද.දේ.නියෙන් 4% කට වඩා අඩුවෙන්න ඕනෙ.

– වාර්ෂික දල මූල්‍යනය 36%ක් වන අතර, එය 15% දක්වා අඩු විය යුතුය.

එය ඉතාම අපහසු කාර්‍යයක් වන අතර, එසේ වුවහොත් පමණක් ජා.මූ.අ අපගේ ණය තිරසරයැයි පිළිගන්නා අතර, එසේ පිළි ගැනීමෙන් අනතුරුව ඔවුන් අප සමග ගිවිසුමකට එළඹෙනු ඇති බව ද රණවක මහතා අවධාරණය කළේය.

දැනට පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතම රඳා නොපවතින තරමට ශ්‍රී ලංකාව ආරක්ෂිත වනු ඇති බව රණවක මහතාගේ අදහස වී තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

“දශක ගාණක් නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් සෞඛ්‍ය සේවයෙන් අපි අත්පත් කරගත්ත යම් සමාජ ප්‍රාග්ධනයක් තිබුණද ඒ සමාජ ප්‍රාග්ධනය දැන් විතැන් වේගෙන යනවා. දැන් අපිට අපේ ළමයෙකුට කියන්න පුළුවන්ද? දරුවෙකුට කතා කරලා කියන්න පුළුවන්ද රටට සේවය කරන්න කියලා. තව ටිකක් රටට සේවය කරන්න කියලා අපිට එහෙම කියන්න පුළුවන්ද? බැහැ. මොකද අපේ දරු පරම්පරාව, විශේෂයෙන්ම ඉසෙඩ් ජෙනරේෂන් එක හැදිලා තියෙන්නේ. හැදුණේ, විදුලිය, ස්මාර්ට් ෆෝන් තිබුණ රටක, තමන්ගේ ජීවිත බොහොම පහසුවෙන් ගෙවපු රටක, අපි පාසැල් ගියේ පයින්. ඒ දරුවෝ පාසල් ගියේ ස්කූල් වෑන් එකෙන්. එහෙම නැත්නම් පුද්ගලික මෝටර් රථයේ. ඒගොල්ලන්ගේ පාසලේ තිබුණ විදුලි පංකාව. අපි විදුලි පංකා දැකලා තිබුණෙත් නෑ. නැත්නම් පාසල් ඒ සී කරලා තිබුණා. එහෙම පහසුකම් විඳපු පිරිසක්. ඒ අයට දැන් මේ පහසුකම් ගිලිහීගෙන යන කොට මේ රට ගැන වෛරයක් ඇතිවෙන එක, මේ රටෙන් පලා යාමට හිතෙන එක, මේක වෙනස් කරන්න බැරි නම් යන්න හිතෙන එක අහන්න දෙයක් නැහැ.

මං මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්නේ වැඳලා කියන්නම් නැගිටින්න එපා. මොකද අවුරුදු ගාණක් අමාරුවෙන් මේ රටේ මිනිස්සු හදාගත්ත, මේ දැවැන්ත සමාජ ප්‍රාග්ධනය, ඔයා නැගිටින්න හදන හැම වාරයක් පාසාම රටෙන් යනවා. මොකද තිත්ත වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ට මේ මේ විකාරේ දැකලා දැකලා. ඒක නිසා කරුණාකරලා ඒ උත්සාහය දරන්න එපා. පැත්තකට වෙලා ඉන්න තරමට මේ රටටත්, අනාගතයටත් හොඳයි. මොකද මිනිස්සුන්ට මේක තේරෙන්න, තේරෙන්න ආයි මේ පරණ චක්‍රයම කැරකෙනවා. බැසිල් මහත්තයා නැවත එනවා. ගෝඨාභය මහත්තයා නැවත එනවා. මේවා මතක් වෙන්න වෙන්න. මේවා වෙනස් කරන්න බෑ කියන වෙන්න වෙන්න විශ්වාසය මොකද ඇති වෙන්නේ? ගොවියා පලා ගියා වගේ, වැඩ කරන ජනයා පාරට වගේ, ඇති හැකි රට දාලා ගියාට පස්සේ රටේ ඉතුරු වෙන්න දෙයක් නැහැ.

අපිට දැන් වගකීමක් තියෙනවා මේ ආර්ථික ක්‍රියාවලිය ගැන. මුදල් අමාත්‍යාංශයත් ආර්ථික අන්තවාදයක ඉන්නේ. එක පැත්තක් ගැන විතරයි හිතන්නේ. මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා. බදු වැඩි වැඩිකරගෙන වැඩි කරගෙන යන කොට මොකද කර්මාන්ත වලට වෙන්නේ? මොකද ව්‍යාපාරවලට වෙන්නේ? මොකක්ද වෘත්තීයවේදියාට වෙන්නේ කියලා හොයන්නේ නැහැ. සමාජ සමීක්ෂණයක් කරලා ඒ අනුව ඕන කටයුතු කරන්න.

අද මේ රටේ දුප්පත්ම ජන කණ්ඩායම් වලට බඩගින්නේ ඉන්න පිරිස් වලට සහන සැපයීමේ ක්‍රියාදාමයක් අවශ්‍යයි. පොහොට්ටුවෙයි, එහෙම නැත්නම් අලියගෙයි, එහෙම නැත්නම් සීනුවයි දිහා බල බල සමෘද්ධි බෙදනවා වගේ ක්‍රම දැන් රටට හරියන්නේ නැහැ. දැන් රටට ඕනේ ඇත්තටම දුප්පත් ඇත්තටම විරැකියාවට ඉන්න මිනිහට ඇත්තටම දරුවා පාසල් යවන්න උදේ දීගන්න බැරි මිනිහට සහනය ලබා දෙන විවෘත ඒ ගැන සහකම්පනය සහිත පාලනයක්. ඒ ගැන හිතන සහනශීලීව සමාජයක් අද අපිට ඕනේ. ඒ වගේම අපිට අවශ්‍යයි සාමූහික පරිත්‍යාගයක් මේක ඉදිරියට ගෙනියන්න. පටන් ගන්න ඕනේ උඩින්ම. ඒ උඩින් ඒක පේන ප්‍රමාණයට තමයි මේක අපේ රට තුළ අන්තර්ග්‍රහණය කරගන්න අපිට පුළුවන් වෙන්නේ.

මේ ඔක්කොටම වඩා ඕනේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක්. මිනිස්සු දැන් බලාපොරොත්තු කඩාවැටිලා ඉන්නේ. මිනිස්සුන්ට දැන් බලාපොරොත්තුවක් ඕනේ. ඒ ඔස්සේ මේ රට වෙනස් කරන්න පුළුවන්. මේ රට අපිට ගොඩනගන්න පුළුවන් ඒ අලුත් බලාපොරොත්තුව ඇතිකර ගැනීමට, සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. තවදුරටත් මේ රටේ වාද දේශපාලනය වලංගු නෑ. තවදුරටත් මේ රටේ අනන්‍යතා දේශපාලනයක්  වලංගු  නෑ. ප්‍රායෝගිකත්වය මත පදනම් වෙච්ච නව පාලන තන්ත්‍රයකට වෘත්තීය මට්ටමේ මේ පිරිසවත් වෙලා එකතු පහදු වී කටයුතු කළ යුතුයි.”

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka