gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව කොන්දේසි නැතිව ජනපතිට එක්වෙයි!

අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව සහය පළ කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ පවතින තත්වය තුල රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවයි. 
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනුනේ පොහොට්ටුවේ සහයෝගයෙන් බවත් මේ නිසා දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු සිදුකෙරෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

කටුනායක පැවති  උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය”

අපි පක්ෂයක් හැටියට මේ වෙලාවේදී අයවැයට සහයෝගය දීලා රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න අපිට දියහැකි උපරිම සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස මේ ජනාධිපතිතුමා සමග එකට වැඩ කිරීමට කිසිදු කොන්දේසියක් පනවලා නැහැ. අපි ජනාධිපතිතුමත් සමග එකගතාවයෙන් වැඩ කරනවා මිසක් වැඩ කිරීමට කිසිම කොන්දේසියක් අපි අතර නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයව රටේ ජනාධිපතිලෙස පත්කර ගත්තේ පොහොට්ටුවේ පූර්ණ සහයෝගයෙන්.

රටේ පවතින තත්වය අනුව රජය මේ වෙලාවේ ඉදිරිපත් කළේ සුභසාධන අයවැයක් නොවේ කියල අපි  පිළිගන්නවා. මේ වෙලාවේ සුභාසාධනය කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. වියදම් අඩු කරල ආදායම් වැඩි කරල ආර්ථිකය වර්ධනයක් තුළින් රටේ ජනතාව මුහුණ දී තිබෙන තත්වයෙන් ගොඩ ගන්න කටයුතු කළයුතු වෙලාවක්. පහුගිය කාලෙම අපි ණය අරගෙන එක්කෝ යුද්ධ කරලා තියෙනවා. 88 – 89 කාල සීමාවලදී සිදුවුණු අමිහිරි සිදුවීම් වලට අපි වන්දි ගෙවල තියෙනවා. එහෙම නැතිනම් අපි කාල බීල තියෙනවා. නමුත් රටේ සංවර්ධනයට යොදවලා තියෙන්නේ ඉතා ස්වල්ප මුදලක්. අපිට අවශ්‍ය කරන්නේ මේ ණයෙන් රට ගොඩ ගන්න. බංකොලොත් කියන නාමයෙන් රට ගොඩ අරගෙන ආර්ථක වශයෙන් ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මෙරට ඉතිහාසයේ සමාජවාදී යුග වගේම විවෘත ආර්ථික ක්‍රමයත් තිබුණා. මේ හැම එකෙන්ම අපේ රට තරම් සුභසාධනයට දායකත්වය දුන්නු රටක් වෙන නැහැ. අපි ණය අරන් මිනිසුන්ට සුභසාධනය දෙන්න කටයුතු කරලා තියෙනවා. නිදසුනක් ලෙස ගෙදරක වුණත් අපි මිනිස්සුන්ගෙන් ණයට සල්ලි අරගෙන කාල බීල අනවශ්‍ය දේවල් වලට වියදම් කලොත් කවදාවත් ඒ මිනිස්සුන්ට ණය ගෙවන්න පුළුවන් වෙන්නෙ නැහැ. ණයක් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරල එකෙන් ණය ගෙවා ගන්න ක්‍රමයක් හදා ගන්න ඕන. එයයි අද රටේ පවතින තත්ත්වය අනුව සරළව කළ යුත්තේ.

සමගි ජනබලවේගයේ සිටින්නේ අභියෝග භාර ගන්න බය නිවටයෝ ටිකක. අභියෝග භාර අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙයි කියල හිතපු නිවට කණ්ඩායමක්. ඒ අය දන්නෙ විවේචන කරන්න විතරයි. මෙවර අයවැය පුරාවට එ අය කරපු කතාවලින් මෙන්න මෙයයි ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල කියල කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සමගි ජනබලවේගයෙන් රටේ ප්‍රස්න විසදීමට කිසිදු සහයක් නැහැ. එ අය කරන්නේ විපක්ෂයේ ඉදගෙන කකුලෙන් අදින එක පමණයි. එයාලට අරගල වලට ගිහින් හූ කාලා එන්න වුනෙත් ඒකයි. ඒ නිසා මේ අය දැන්වත් තේරුම් ගන්න ඕන රටේ මිනිස්සු මෝඩ නැහැ. සුළු පිරිසක් අරගලයක් කලාට බහුතරයක් මිනිස්සු රටට ආදරෙයි. ඒ අය අවබෝධ කරගෙන තියෙනවා ලෝක අර්බුධයත් සමග විශේෂයෙන් රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයේ අතිවි තිබෙන අර්බුධකාරී  තත්වය තුළ අපි වගේ රටවල් මොනතරම් භයානක තත්වයකට මුහුණ දෙන්න සිදුවෙයිද කියලා. ඒ අය උදව් කරනවා මේ වෙලාවේ අපට ගොඩ එන්න.

මේ වෙලාවේ විපක්ෂයේ කොපමණ පිරිසක් ආණ්ඩුවට එන්න සූදානම් වෙලා සිටිනවාද කියලා කියන්න මම හරියටම දන්නේ නැහැ. නමුත් සජිත් ප්‍රේමදාස මහත්තයා නම් බොහොම බය වෙලා ඉන්න බව නම් තේරෙනවා. අයවැයෙන් පසුව අමාත්‍යධූර වෙනස් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ජනාධිපතිතුමත්, ආණ්ඩුවත් සමග කටයුතු කරන පාර්ශව එකතුවෙලා ගන්න තීරණ අනුව. මා දැනුවත්ව තවම එහෙම තීරණයක් අරගෙන නැහැ. යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

– ප්‍රදීප් අනුර කුමාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka