ආණ්ඩුවේ ප්‍රභල පාර්ලිමේන්තු කාන්තා නියෝජිතවරිකගේ නිවසේ රාජකාරියට යොදවා ඇති ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් එම රාජකාරිය කළ නොහැකි බව පවසා ඉවත්වන බව ප්‍රභූ ආරක්ෂක කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙතෙක් ඇය ලඟ සේවයේ යොදවා ඇති පොලිස් නිලධාරීන් සියයට අධික ප්‍රමාණයක් තමන්ට රාජජකාරි කළ නොහැකි බව දන්වා එම රාජකාරියෙන් ඉවත් වී ඇතැයි ද අදාල ආරංචි මාර්ග හෙළි කරයි.
ඊට ප්‍රධානම හේතුව වන්නේ එම කාන්තා දේශපානඥවරිය හවස් වනවිට කටගොන්නක් බීගෙන රාජකාරියේ යොදවා ඇති පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදීම බවය.
කටගොන්නක් බී ගත් පසු එක දිගට දුම්වැටි පානය කිරීමේ පුරුද්දට ඇබ්බැහි වී ඇති ඇය පොලිස් නිලධාරීන්ට කුණුහරපයෙන් අමතා සිගරැට් රැගෙන ඒම සඳහා කඩේ යවන බවද එම නිලධාරීන් ප්‍රභූ ආරක්ෂක අංශයට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
උපුටා ගැනීම : lankasara
