gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇමතිවරු සිව් දෙනෙක් ආණ්ඩුව හැර යයි! අලුත් දේශපාලන ගමනක් අරඹන්න සූදානම් – හිටපු කතානායකවරයෙකුත් මුලසුනේ!

කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉදිරි කාලයේදී සිය ඇමැති තනතුරුවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

එලෙස ආණ්ඩුවෙන් ඉවත් වන ඇමතිවරුන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද තීරණය කර ඇතැයි වාර්තා වනවා. 
ඒ අනුව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරි කාලයේ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමටද තීරණය කර තිබෙනවා.

ඔහුට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකුද මෙම දේශපාලන ව්‍යාපාරය සමඟ එක්වනු ඇති.

මෙම දේශපාලන ව්‍යාපාරය හිටපු කතානායක කරු ජයසූරිය මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් දැනටමත් ක්‍රියාත්මක කෙරෙන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ බද්ධව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

හිටපු කතානායක කරු ජයසූරිය මහතා සහ වික්ටර් අයිවන් මහතා සිය ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවේ මෑතකදී එක් අවස්ථාවක දේශනයක් ද සිදු කර තිබුණා.

ආරම්භ කිරීමට යෝජිත නව දේශපාලන ව්‍යාපාරය දේශපාලන ආර්ථික සහ සමාජයීය පරිවර්තනයක් සිදු කිරීම අරමුණු කර ගනිමින් ජාතික ප්‍රතිපත්තියක් සමඟ ගොඩනැගීමට දැනටමත් තීන්දු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා සිවිල් ව්‍යාපාර, වෘත්තීය සමිති සහ අරගලයේ කොටස්කරුවන් එක්කර ගැනීමටත් යෝජනා වී තිබෙනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka