විපක්‍ෂ නායක විහිළුකාරයෙක් වෙලා... විරෝධතා කරලත් විහිළු කරනවා - මිහින්තලා හිමි
අද වන විට විපක්ෂනායකවරයා විහිළුකාරයෙකු වී විහිළු සපයන වැඩ සිදුකරමින් සිටින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කළහ.
විපක්ෂ නායකයාගේ වත්මන් විහිළු සපයන වැඩ කටයුතු කාලෝචිත නැති බවද පැවසූ උන්වහන්සේ ජනාධිපතිවරු දෙදෙනකු කතා කළ ද වගකීම භාර නොගෙන අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්වන්න හැදීම විහිළුවක් බව ද කියා සිටිති.
අද ජනතාව උද්ඝෝෂණ කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සිටින සියලු මන්ත්‍රීවරුන් වගකිව යුතු බව ද උන්වහන්සේ පැවසූහ.
මේ ආකාරයේ විහිලු විරෝධතා වලින් සිදු වන්නේ සංචාරක කර්මාන්තය යළි බිඳවැටීම බවත් ඉන් සාමාන්‍ය ජනතාවට බාධා වන බවත් උන්වහන්සේ සඳහන් කරති.
ඊයේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් පළ කළ උන්වහන්සේ මේ බව පැවසූහ.
අද ජනතාව උද්ඝෝෂණ කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සිටින සියලු මන්ත්‍රීවරුන් වගකිව යුතු බව ද උන්වහන්සේ පැවසූහ.
මේ ආකාරයේ විහිලු විරෝධතා වලින් සිදු වන්නේ සංචාරක කර්මාන්තය යළි බිඳවැටීම බවත් ඉන් සාමාන්‍ය ජනතාවට බාධා වන බවත් උන්වහන්සේ සඳහන් කරති.
ඊයේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් පළ කළ උන්වහන්සේ මේ බව පැවසූහ.
විපක්ෂ නායක විහිළුකාරයෙක් වෙලා... විරෝධතා කරලත් විහිළු කරනවා - මිහින්තලා හිමි
2022-11-03T10:41:00+05:30
Gossip Lanka Hot News