gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මට මොනවා වෙයිද දන්නේ නැහැ” – සියල්ල හෙළි කරමින් රහස් පොත එළියට එන දවස මෛත්‍රී කියයි

ජනතාව නොදන්නා කරුණු රැසක් ඇතුළත් කෘතියක් තමන් රචනා කර ඇති බවත්, එය ලබන ජනවාරියේදී පමණ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 
තමන් එදා රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන විවිධ අය චෝදනා කළත්, එවැනි තීන්දුවක් ගැනීමට දැඩි ලෙස සිත් පෑරුණු සිදුවීම් ගණනාවක් හේතු වූ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙතෙක් ජනතාව නොදැන සිටි කරුණු සහිත කෘතිය පිටවූ පසු තමන්ට මොනවා වෙයිද දන්නේ නැතැයි ද ඔහු කියා සිටියා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වෘත්තීයවේදීන්ගේ සංගමය මගින් ‘අර්බුදය, අයවැය හා රටේ අනාගය’ යන මැයෙන් කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමින්.

තමන් පළමු සිද්ධියට මුහුණ දුන්නේ 2007 වසරේ පරිසර අමාත්‍යවරයාව සිටියදී, පසුගිය දිනවල ලංකාවේ නොසිටි, එක්තරා අයකුගේ ටෙන්ඩරයක් අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා බවත් එදා සිට රාජපක්‍ෂ ආණ්ඩුව හා තමා අතර ප්‍රශ්න ඇතිවූ බවත් ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම එවක අගමැතිවරයාව සිටි දි.මු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති තමන් ද ප්‍රධානත්වය ගත්, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී රැස්වීමකදී අධිවේගී මාර්ග ඉදිකිරීමේදී වංචා දූෂණ සිදුවන බවට එල්ල වන චෝදනා ගැන මන්ත්‍රීවරයෙක් කතා කළ බවත්, පසුදින තමන් අරලියගහ මන්දිරයට ගෙන්වූ බවත් එහිදී වෙනදා දකිනවාට වඩා වියරු මුහුණක් දුටු බවත් වංචා දූෂණ ගැන කතා කළාදැයි එම මුහුණින්ම තමන්ගෙන් ප්‍රශ්න කළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසුවා.

පක්‍ෂ ලේකම්වරයෙක්, ඇමතිවරයෙක් ආණ්ඩුවේ දූෂණ වංචා කතා නොකළ යුතු බවත්, කරනවා නම් තනතුරු කළ නොහැකි බවත් තමන්ට එහිදී පැවසූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“එදා මූලාසනයේ හිටියේ එවක අගමැති දී. මු. ජයරත්න. මටත් වාඩිවෙන්න කියලා එවක ජනාධිපති කිව්වා. ඒ අතරේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් ඇහුවා. අධිවේගී හා අනෙකුත් පාරවල් හදද්දී දූෂණ සිදුවෙනවා කියලා. ඒක ආණ්ඩුවට හොඳ නැහැ කිව්වා. ඊට පසු දින මට දුරකථන ඇමතුමක් ලැබුණා. අරලියගහ මන්දිරයට එන්න කියලා. මම උදේ අරලියගහ මන්දිරයට ගියා. යද්දී වියරු සහගත මූණක් මම දැක්කේ. ඊයේ වංචා, දූෂණ ගැන කතාකරලා තියෙනවලු නේද ? මම මුකුත් කිව්වේ නැහැ කියලා කිව්වා. පාරවල්වලින් හරියට වංචා දූෂණ සිදුවෙනවා කියලා. මම කිව්වේ නැහැ කියලා කිව්වා. එතැන හිටියා පෙර දින රැස්වීමට ආපු ආචාර්ය පී. බී. ජයසුන්දර, පී. බී. මෙයා කිව්වේ නැද්ද එහෙම ? ඇමතිතුමා නම් එහෙම කිව්වා කියලා මට මතක නැහැ කිව්වා. මට ඇඟිල්ල දික්කරලා කිව්වා. ඇමති සහ පක්ෂයේ ලේකම්ට වංචා ගැන කතාකරන්න බැහැ. තනතුරු දෙකම දරන්න පුළුවන්කමක් නැහැ කිව්වා. ඒක තමා මට ලැබිච්ච උත්තරේ. එතන හිටියොත් තව දේවල් අහගන්න වෙනවා කියලා හිතුණා. මම පස්සෙන් පස්සට ගිහින්. මගේ ගෙදර හෝ අමාත්‍යාංශයට මම ගියා…“

මගේ හිත පෑරුණ සිද්ධියක්. මගේ පළවෙනි අර්බුදය ටෙන්ඩරයක් පිළිබඳව. මම පරිසර ඇමති කාලයේ අමාත්‍යාංශ ලේකම් ආවා. තව කිහිපදෙනෙකුත් හිටියා. ෆයිල් අත්සන් කරද්දී ටෙන්ඩරයක් ගැන ෆයිල් එකක් තියෙනවා. මොකද මේක හදිස්සිද ? ඕක ඉක්මනට අත්සන් කරලා එවන්න කිව්වා. කවුද කිව්වේ ? මම ඇහුවා. ඒක කියපු කෙනාගේ නම ලේකම්වරයා කිව්වා.  ඔහු දැන් ලංකාවේ නැති කෙනක්. හෙට අනිද්දා එනවා කියලා ආරංචියි. මම කිව්වා ටෙන්ඩරයට අත්සන් කරන්නේ නැහැ. මට හදිස්සියක් නැහැ ඕක කියලා. ලේකම්තුමා ගියාට පස්සේ එතැන හිටපු කෙනෙකුගෙන් අයෙක්. අත්සන් ගන්න කියපු කෙනාට ඒක කිව්වා.  එදා ඉඳන් මම හා රාජපක්ෂවරු අතර ප්‍රශ්න.

මම ඔය කිව්වේ එකක්, දෙකක්. මම දැන් පොතක් ලියලා අවසන් කළා. මම ඒක ජනවාරි පිටකරනවා. රටේ ජනතාව නොදන්නා දේ එහි තිබෙනවා. පොත පිට වුණාට පසු මට මොනවා වෙයිද දන්නේ නැහැ.” යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka