gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරේ කොටි සැමරුම් පෙන්නා දෙමල දේශපාලඥයන් මුදල් ගරලා - උතුර පුරා පෝස්ටර්

ගෙවී ගිය මහවිරු දිනයන් වෙනුවෙන් උතුරේ දෙමළ දේශපාලඥයින් විසින් රුපියල් කෝටි ගණනින් ජාත්‍යන්තරයෙන් මුදල් රැස්කොට ඇතැයි සඳහන් කරමින් උතුරේ ස්ථාන රැසක් පොස්ටර් කිහිපයක් ඊයේ (29) දින රාත්‍රියේ අලවා ඇත. 
 
උතුරේ දෙමළ දේශපාලඥයින් මහවිරු වෙළෙන්ඳන් ලෙසින් පෝස්ටරයේ ශීර්ෂ පාඨය දක්වමින් දෙමළ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්ද භාවිතා කරමින් මෙම පෝස්ටරයන් අලවා ඇත.

මන්නාරම , සහ වව්නියාව දිස්ත්‍රීක්කයන්හි මහජනතාව ගැවසෙන ස්ථාන රැසක මෙලෙස පෝස්ටර් අලවා ඇති අතර පෝස්ටරය ඇලවුවේ කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතරම පොස්ටරය සඳහන් දෑ නිර්මානය කර ඇත්තේ ජනතාවගෙන් එක් අයෙකු බවටද පෝස්ටරයේ සඳහන් කොට ඇත.

අදාල පෝස්ටරයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ,

‘දයාබර ජනතාවනි 2009 වසරෙන් පසුව පැවති මහවිරු දින සැමරුම් මහවිරුවන්ගේ නාමයෙන් වෙළඳාමක් වී ඇත. එයට කිදම උදාහරනයකි ගෙවුනු මහවිරු දිනය. මහවිරු දිනයට පෙර දින කිහිපයේදී උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම යුරෝපයට ගොස් දෙමළ ඩයස්ෆෝරාව හමුවී තිබෙනවා. එහිදී එවුන් මහවිරු දිනයන් සංවිධානය කිරීමට මුදල් එක්රැස් කරලා රුපියල් කෝටි ගණණින් ඔවුන්ට හමුවෙලා. නමුත් පවත්වන මහවිරු සැමරුම් වෙනුවෙන් මේ දේශපාලඥයින් වියදම් කරන්නේ ඉතාම සුලු මුදලකි. අනිත් සියලු මුදල් ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරනවා. මහවිරුවන්ගේ නමින් දෙමළ ජනතාව මේ අය මංකොල්ල කනවා’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka