gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හොරකම් හොයන්න දැමූ කොමිසමට එරෙහිව කුරුණෑගල පොහොට්ටු සභාපති උසාවි යයි! පෙත්සම විභාගයට නොගෙනම වීසි කරයි!

කුරුණෑගල මහ නගර සභාවේ දූෂණ වංචා සිදුව ඇද්දැයි සොයා බැලීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත්කරන ලද පරීක්ෂණ කොමිසම තහනම් කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා අද (29) තීරණය කළේය. 
පළාත් ආණ්ඩුකාරවරයකුට පැවරී ඇති බලතල ප්‍රකාරව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරිපත් කරන ලද පරීක්ෂණ කොමිසම නිවැරැදි හා නීත්‍යානුකූල එකක් වන බැවින් වගඋත්තරකාර පාර්ශ්වයන්ට නොතීසී නොකැඳවා එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව මහාධිකරණ විනිසුරු පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මාර්ගයෙන් එම පෙත්සම අධිකරණට ඉදිරිපත් කර තිබිණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka