gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජලනි ආර්යාවත් ගෝඨාගෙන් සජිත්ට අගමැතිකම ඉල්ලලා!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පමණක් නොව ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුරකතනයෙන් අමතා අගමැති ධූරය ඉල්ලා සිටි බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.

ඒ බව හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් සමග ප්‍රකාශ කළබවයි, ඩයනා ගමගේ සඳහන් කළේ.

රටට සංචාරකයින් පැමිණෙන මේ අවස්ථාවේ එය කඩාකප්පල් කිරීම සඳහාත් සිය බැරිකම වසා ගැනීම සඳහත් විපක්ෂ නායකවරයා නැවත නුවර සිට කොළඹට පාගමනක් සූදානම් කරන බවට ද ඇමැතිනිය චෝදනා කළාය.

රට නැවත මේ අර්බුදයෙන් මිදී හිස ඔසවන්නට උත්සාහ කරන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් විපක්ෂ නායකවරයාට මෙවර මහ පාරේ දී ජනතාවගෙන් ගුටිකෑමට සිදු වනු ඇතැයි ද ඩයනා ගමගේ අනතුරු ඇඟවුවාය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka