gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජගත් පුෂ්පකුමාර ඇමති නිල නිවසක යතුර බලෙන් අරන් යයි... රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පොලිසි යයි

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතා රජයේ නිල නිවාසයක් අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරින් ගෙන් බලහත්කාරයෙන් යතුරු කැරැල්ලක් ගෙන ගොස් තිබේ. 
ඒ සම්බන්ධයෙන් ද ලද පැමිණිලි මත කුරුදුවත්ත පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් රැගෙන ගොස් ඇත්තේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් භාවිතා කළ නිල නිවස යතුරු කැරැල්ලයි.

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පැමිණ නිලධාරීන්ට බැණ වැදී එම යතුරු කැරැල්ල බලහත්කාරයෙන් අරගෙන ගියේ යයි පොලිසියට පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ රාජ්‍ය ඇමැතිවරයෙකු ලෙස තමන්ට නිල නිවසක් ලබා ගැනීමේ අයිතිය ඇති බවයි.

නිල නිවස ලබා ගත්තේ ජනාධිපති ලේකම්වරයාගේ අනුමැතිය යටතේ බවද ඔහු කියා සිටී.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka