IMF ණය නොලැබීමේ අවදානමක... ශ‍්‍රී ලංකාව තිව‍්‍ර කැළඹීමක් දෙසට - විදෙස් මාධ්‍ය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වී ඇති ණය පහසුකම මෙම දෙසැම්බර් මාසය වන විට ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමට මුහුණ දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලංකාවේ ණය ප්‍රතිව්‍යාහගත කිරීමට චීනය තවමත් සාකච්ඡා ආරම්භ නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇතැයිද එම වාර්තා කියා සිටී.
නියමිත කාල සීමාවට ණය ප්රතිව්යුහගත කිරීමේ සම්බන්ධයෙන් සාකච්ඡා අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසගත් ණය මුදල ලබා දීම ලබන මාර්තු මස දක්වා කල් යනු ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
මේ හේතූන් මත පවතින ආර්ථික අර්බුදය තවත් තීව්‍ර කරන කැළඹීමක් දෙසට ශ්‍රී ලංකාව ගමන් කරමින් ඇති බවද වාර්තාව තවදුරටත් කියා සිටියි.
IMF ණය නොලැබීමේ අවදානමක... ශ‍්‍රී ලංකාව තිව‍්‍ර කැළඹීමක් දෙසට - විදෙස් මාධ්‍ය
2022-11-14T16:12:00+05:30
Lanka Hot News





