gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හදිසියේම ලංකාවට එයි! දින 2ක් නවතී! ඉහළ පෙළේ සාකච්ඡා රැසක්!

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ‌දෝවාල් මහතා හදිසියේම හෙට (19) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීයමට නියමිතව ඇති බව වාර්තා‌ වේ. ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ ලංකාවේ ගත කරන දෝවාල් මහතා ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ජා වට ගණනාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසේ. 
ජනාධිපතිවරයා සමග සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇත්තේ අනිද්දා (20) දිනයේදීය.

මේ ආකාරයට හදිසියේම දෝවාල් මහතා ලංකාවට පැමිණෙන්නේ ඉන්දීය රජයේ විශේෂ පණිවුඩයක් ලබා දීමේ අරමුණින්ද, එසේත් නැතිනම් ලංකා ආණ්ඩුවේ විශේෂ පණිවුඩයක් ඉන්දියාවට රැගෙන යාමේ අරමුණින්ද යන්න පැහැදිලි නැත.

කෙසේවෙතත් පසුගිය මාස කිහිපය පුරාම ජනාධිපතිවරයා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අතර හමුවක් සූදානම් කිරීමට අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවේ විවිධ පාර්ශ්වයන් උත්සාහ දරා තිබුණද ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වී තිබුණේ මෝඩි මහතා ඒ සදහා වේලාවක් ලබා නොදීම හේතුකොටගෙනය.

ජනාධිපතිවරයා මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා පමණක් නොව ඉන්දියාවේ ශ්‍රී ලංකා ‌මහකොමසාරිස් ධුරය දරණ මිලින්ද මොරගොඩ මහතා හරහාද ඊට වේලාවක් ලබා ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වී තිබුණේ නැත.

පසුව අනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සාගල රත්නායක මහතා ඉන්දියාව බලා පිටත් කොට යැවුණද ඔහුටද ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා අතර හමුවක් පැවැත්වීමට වේලාව වෙන්කර ගැනීමට හැකි වූයේ නැත.

ඉන් අනතුරුව පසුගිය සතියේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා සමග දුරකතනයෙන් සාකච්ජා කොට ජනාධිපතිවරයා හා ඉන්දීය අගමැතිවරයා අතර හමුවක් සූදානම් කරන ලෙසට ඉල්ලීමක් කොට තිබිණ. නමුත් එයද සාර්ථක වූයේ නැත.

පසුව අජිත් දෝවාල් මහතාගේ පුත් ෂවුර්යා දෝවාල් මහතා පසුගිය සතියේ ‌පෞද්ගලික සංචාරයකට ලංකාවට පැමිණ තිබූ අතර මේ බව ආරංචි වී ජනාධිපතිවරයා පෞද්ගලිකවම ඔහු මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් මෙවැනි පසුබිමක් යටතේ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතාගේ දෙදින ශ්‍රී ලංකා සංචාරය ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka