ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙකුගේ වැය ශීර්ෂ පරද්දන්න සූදානම්... පොහොට්ටුවෙන්ද සහාය!
අයවැය කාරක සභා අවස්ථාවේ අමාත්‍යාංශය තුනක වැය ශීර්ෂ පරාජය කිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් සාකච්ඡා පවත්වමින් සිටියි. නිමල් සිරිපාලද සිල්වා මහතා අමාත්‍ය ධුරය දරන වරාය හා සිවිල් ගුවන් සේවා, විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරය දරන අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ, නසීර් අහමඩ් මහතා දරන පරිසර යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ මෙසේ පරාජය කිරීමට සැලසුම් කරමින් සිටී.
ඒ අනුව එම අමාත්‍යාංශවල වැය ශීර්ෂ සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට දැනටමත් සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයන් කිහිපයක් ද මෙම වැය ශීර්ෂයන් පරාජය කිරීම සඳහා ඡන්දය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙකුගේ වැය ශීර්ෂ පරද්දන්න සූදානම්... පොහොට්ටුවෙන්ද සහාය!
2022-11-28T10:07:00+05:30
Lanka Hot News






