පක්ෂ තීන්දුව දුමින්දටත් අදාළයි! අයවැයට අත ඉස්සූ දුමින්දටත් විනය ක්‍රියාමාර්ග ගන්නවා! මෛත්‍රී මාධ්‍ය සාකච්ඡාවක් තියයි!
අයවැයට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අයවැයට විරුද්ධව ඡන්දයදීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය ඔහුට ද අදාළ බවත්, එතුම ද මධ්‍යම කාරක සභාවට සහභාගී වී සිටි බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පක්ෂ තීන්දුව දුමින්දටත් අදාළයි! අයවැයට අත ඉස්සූ දුමින්දටත් විනය ක්‍රියාමාර්ග ගන්නවා! මෛත්‍රී මාධ්‍ය සාකච්ඡාවක් තියයි!
2022-11-23T16:20:00+05:30
Lanka Hot News