gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිරේ ඉන්න ඕන බව විපක්ෂය කී “බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාව“ පුලුවන්නම් කරලා බලන්නැයි පාර්ලිමේන්තුවේ දී සජිත්ට අභියෝග කරයි!

තමන් සමග  පුලුවන් නම් හැප්පී  බලන ලෙස සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ  අද (19) පාර්ලිමේන්තුවේ දී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අභියෝග කළාය. .
ඇය මෙම අභියෝගය කරන්නේ  වසර හතකට පෙර වීසා කල් ඉකුත් වී අවලංගු   වූ පසු    හොර ලියකියැවිලි වලින් විදේශ ගමන් බලපත්‍රයක් සකසාගෙන  රටටත්, ජනතාවටත්,  පාර්ලිමේන්තුවටත් වංචාකිරීම නිසා හිරේ සිටිය යුතු බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් බවට විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ දී චෝදනා කර,  එම චෝදනාවට   අදාල නඩුකරයේ ලේඛණත් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබිය දී අද (19) අය-වැය විවාදයට එක් වෙමිනි.

විවාදයට එක් වෙමින් ඩයනා ගමගේ කීවේ   තමන්ව පාර්ලිමේන්තුවෙන් එළියට දැමීම සඳහා විපක්ෂ නායකවරයා නිතිඥ මණ්ඩලයක් පත්කරගෙන විශේෂ  උත්සාහ දරන බවය.

කෙලෙහි ගුණයක් නොදත් විපක්ෂ නායකවරයාට අවවාද කරමින්  ඩයනා ගමගේ ප්‍රකාශ කළේ  බ්ලේඩ්වලින් මාරගස් කපන්නට නොඑන ලෙස ය.

ඇය මෙසේ කීවාය.

“විපක්ෂ නායකතුමාට කියන්න තියෙන්නෙ මේ වගේ වැඩ කරන්න උත්සාහ කරන්න එපා. ඒ පක්ෂයෙන්ම ඉන්න කාන්තාව දම්මලා කාන්තාවකට පහර දෙනවා. කාන්තාවො වෙනුවෙන් එළියට බහින අය මට එරෙහි වෙනවා. මා කාන්තාවක් නෙමෙයි ද. මා කාන්තාවක් විදිහට     පෙනෙන්නෙ නැද්ද. මමත් කාන්තාවක්. මා කාන්තාවන් වෙනුවෙන් කතා කරන්නෙ පක්ෂ පාට භේදයකින් නොවෙයි.“

“ලජ්ජා නැති වැඩ කරන්න එපා විපක්ෂ නායක තුමා. එක්කෙනෙක් මට ඇහුනා කියනවා මා පිනට ආව මන්ත්‍රී කෙනෙක් කියලා.  ඔබතුමයි පිනට ආවෙ. මම නෙමෙයි. නන්නත්තාර වෙලා ඉද්දි මේ පක්ෂය දීලා ඔබතුමාලා පාර්ලිමේන්තුවට ගෙනාවෙ නැතිනම් ඔබතුමාලට නොමිනේෂන්වත් ලැබෙන්නෙ නෑ. ඒ නිසා අඩුම ගානෙ ඒකට ගුණයක් තියාගන්න.“

“මා දන්නවා විපක්ෂ නායකතුමා  කොහොමටත් කෙළෙහි ගුණයක් තියන කෙනෙක් නෙමෙයි. එහෙම තියනවා නම් මේ වගේ හැසිරෙන්නෙ නෑ. “

“ඒ නිසා ඒ වගේ දේවල්වලට ලෑස්ති  වෙන්න එපා. කොටින්ම කිව්වොත් මට කියන්න තියෙන්නෙ බ්ලේඩ්වලින් මාර ගස් කපන්න ලෑස්ති වෙන්න එපා. “

“මට කියන්න තියන එච්චරයි. ඔබතුමා යටින් කරන දේවල් ඔක්කොම අපි දන්නවා  මට විරුද්ධව. “

“ඕන දෙයක් කරන්න. අපි කරලා බලමු මොකක්ද වෙන්නෙ කියලා.“

ඇයගේ මුළු කතාවේ වැඩිම ප්‍රමාණයක් වෙන් වූයේ ත්‍රෛෙලෝක විජය පත්‍ර වගාව නීතිගත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අයවැයෙන් ලද අනුමැතිය නිසා උපන් ප්‍රහර්ෂය පල කිරීම සඳහාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka