දිගු කාලයක් ඇමෙරිකාවේ ගතකළ, පසුගිය කාලයේ නිහඬ දේශපාලන පිළිවෙතක් අනුගමනය කළ බැසිල් රාජපක්ෂ මහතා ලබන 20 වැනිදා පෙරළා දිවයිනට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ අර්බුදයකට පත්ව සිටින මේ මොහොතේ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ හදිසියේම දිවයිනට පැමිණීමට තීන්දු කොට තිබෙන්නේ ඇදවැටී තිබෙන එම පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යභාරයට බව ආරංචි මාර්ග සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පක්ෂයේ තීන්දු තීරණවලට පිටින් තීන්දු ගන්නා තත්ත්වයක් ඇතිවී තිබෙන නිසාත්, පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ඉඩකඩ තිබෙන නාසාත්, පක්ෂයේ පූර්ණ වගකීම තමන් සතු කරගෙන, මහා සම්මේලනයක් කැඳවා පක්ෂය ශක්තිමත් කිරීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලැස්ම බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
ඇමෙරිකාවේ සිටින කාලසීමාවේදී විටින් විට ජනාධිපතිවරයා සමග පණිවුඩ හුවමාරු කරගෙන ඇති බැසිල් රාජපක්ෂ මහතා, කැබිනට් සංශෝධනය සිදුවිය යුතු ආකාරය පිළිබඳ අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත.
ඒ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා මැදිහත් වීම බැසිල් රජපක්ෂ මහතාගේ මූලික අරමුණක් බවද සඳහන්ය.