22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ සදහා තරග වැදීමේ හෝ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වීමේ හෝ අවස්ථාව අහිමි කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසියෙකු බැවින් ඔහුට හිතවත් පාර්ශ්ව විසි දෙවන සංශෝධනයට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.
මේ සම්බන්ධයෙන් ඊයේ දෙරණ 360 වැඩසටහන සදහා සහභාගී වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බැසිල් ද්විත්ව පුරවැසි භාවය ඉවත්කර නොගැනීමේ හේතුව හෙළිකර සිටියේ ය.
බැසිල් රාජපක්ෂ මහතාම ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සමග පවසා ඇති පරිදි එල්ටීටීඊ සංවිධානය සමග පැවති යුද්ධයේ දී බැසිල්ගේ භූමිකාව සම්බන්ධයෙන්ද මානවහිමිකම් සංවිධානවලට යම්කිසි ගැටළුවක් තිබේ. එහි දී තම ආරක්ෂාව සදහා ඇමරිකානු පුරවැසිභාවය භාවිතා කිරීමේ අරමුණ ඇතිවයි බැසිල් ඔහුගේ ද්විත්වපුරවැසිභාවය ඉවත් කර නොගන්නට තීරණය කර තිබෙන්නේ. යැයි ප්‍රසන්න පැවසීය.
එහෙත් දේශපාලන විචාරකයන් විමසා සිටින්නේ එසේනම් එදා යුද්ධය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකළ මහින්ද රාජපක්ෂ සහ මෙන්ම එදා දිවි පරදුවට තබා යුද්ධය මෙහෙයවූ ආරක්ෂක අංශවල ප්‍රධානීන් කුමන රටේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත යුතුද යන්නයි.