gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ව්‍යාපාරිකයෙකුගේ නිවසේ අවි ගබඩාවක්! ගිනි අවි සමග පතුරම් තොගයක් අත්අඩංගුවට!

බේරුවල දීනගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේතිබී නීති විරෝධී ගිනි අවි 3 ක්,ජීව උණ්ඩ 630ක් සමග සැකකාර හතලිස් නම හැවිරිදි ව්‍යාපාරිකයා බේරුවල පොලිසිය මගින් (10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කියයි. 
බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියෙහි නිරතව සිටියදී බේරුවල නගරයට නුදුරින් ගමන්ගත් සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ගමන් මල්ලේ සඟවා තිබූ ගිනිඅවි වලට භාවිතා කරන ජීව උන්ඩ 50ක් හමුවීමත් සමඟ සැකකරුගෙන් දීර්ඝ ලෙස කර ප්‍රශ්න කිරීම් හමුවේ නිවසේ සඟවා තිබූ ගිනි අවි තුනක් සමඟ තවත් ජීව උන්ඩ580ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ගිනි අවි තුන අතර මෙරට නිෂ්පාදනකර තිබෙන බව කියනවා සුවිශේෂීගිනි අවියක්ද තිබී ඇති අතර එම ගිනි අවිය මගින් ලේසර් කිරණ භාවිතා කර ඉලක්කය ඇල්ලීමට හැකි බව ද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් 16,000 ක මුදලක් ද තිබිඇති අතර සැකකරුට මෙම ගිනි අවි හා ජීව උන්ඩ ලැබුණේ කෙසේද කියන්න දීර්ඝ ලෙස විමර්ශන සිදු කරන බව බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාරමහතා පැවසීය.

2018 වසරේ දෙසැම්බර් මස නවවන දින බේරුවල සැකකරුගේ නිවස වැටලීමේදී මෙයට පෙරද ගිනි අවි තොගයක් සමග මෙම සැකකරු පොලිසියට කොටුවී ඇති බව විමර්ශන සිදුකළ පොලීසිය කීහ .

අත්අඩංගුවට ගත් සැකකරු අද(11) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka