වයස 80 ක කාන්තාවකට ලිංගික අතවර කර පලාගිය කුඩ්ඩෝ තවමත් නිදැල්ලේ
ආඩිඅම්මබලම ප්‍රෙද්ශයේ වයස අවුරුදු 80 වියැති කාන්තාවක් පෙරේදා (03) සිය නිවසේදී නාඳුඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අතින් සාහසික ලෙස දූෂණයට ලක්වීමේ ශෝකජනක පුවතක් මීගමුව රෝහලෙන් වාර්තා වේ. මේ වනවිට ඇය මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇගේ පවුලේ සාමාජිකයින් කම්පනයට පත්ව සිටිති. මෙම ලිංගික බලහත්කාරමකට ගොදුරුවීම හේතුවෙන් මෙම මාතාව ශාරීරික මෙන්ම මානසික පීඩාවකට පත්ව ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඇය ජීවත්වූ නිවසේදී වන අතර ඇගේ නිවසට රාත්‍රී 8.00 ට පමණ නිවසට ඇතුල් වී ඇති පුද්ගලයන් දෙදෙනෙකු මෙම ම්ලේච්ඡ අපරාධය සිදුකර තිබේ. මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ පුද්ගලයන් දෙදෙනෙකු බවට වාර් තා වේ. මේ වනතෙක් මෙම අපරාධය සිදුකළ පුද්ගලයන් හදුනාගෙන නොමැති බවත් අත්අඩංගුවට ගැනිම සදහා කටුනායක පොලීසිය විසින් පරීක්ෂණ සිදුකරන බවත් වාර්තාවේ.
-meepura
වයස 80 ක කාන්තාවකට ලිංගික අතවර කර පලාගිය කුඩ්ඩෝ තවමත් නිදැල්ලේ
2022-11-13T09:07:00+05:30
Gossip Lanka Hot News





