වැස්සේ පළමු ප්‍රතිපලය එයි! මරණ 2ක් වාර්තා වෙයි! වරකාපොලින් නායෙ යයි! ජීවිත බේරගන්න හමුදාව වහා මැදිහත් වෙයි! (VIDEO)
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම නිසා සිරවී සිටි නිවසක පුද්ගලයින් සිව්දෙනෙකු මුදා ගැනීම සදහා යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි 8 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මේවනවිට යුහුසුළුව කටයුතු කරනු ලබති.
මේ වන විට ඔවුන් එක් පුද්ගලයකු (පියා) මුදාගෙන ප්‍රථිකාර සඳහා වරකාපොල රෝහල වෙත යොමුකර ඇති අතර, අනෙක් අයවළුන් ගලවා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු සිදුකරමින් පවතී.
මේ අතර පවතින අධික වර්ෂාවත් සමග ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවත් පිටිගල සහ කිරිඇල්ල ප්‍රදේශවලින් පුද්ගල මරණ 02ක් වාර්තා වෙයි.
පිටිගල පොලිස් වසමේ බංගමුකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී කලුදිය පොකුණ ඇළට වැටී ජීවිතක්ෂයට පත්වී ඇත.
පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇළ පිටාරගැළීම නිසා ගමන් කිරීමට ඇති පාලම යටවීම හේතුවෙන් ඔහු මෙලෙස අනතුරට ලක්වී තිබේ.
කිරිඇල්ල මුනිහින් කන්ද රජමාවත මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු කළු ගඟ ආසන්නයේ ඇළකට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බවද වාර්තා විය.
මේ අතර පවතින අධික වර්ෂාවත් සමග ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවත් පිටිගල සහ කිරිඇල්ල ප්‍රදේශවලින් පුද්ගල මරණ 02ක් වාර්තා වෙයි.
පිටිගල පොලිස් වසමේ බංගමුකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී කලුදිය පොකුණ ඇළට වැටී ජීවිතක්ෂයට පත්වී ඇත.
පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇළ පිටාරගැළීම නිසා ගමන් කිරීමට ඇති පාලම යටවීම හේතුවෙන් ඔහු මෙලෙස අනතුරට ලක්වී තිබේ.
කිරිඇල්ල මුනිහින් කන්ද රජමාවත මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු කළු ගඟ ආසන්නයේ ඇළකට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බවද වාර්තා විය.
වැස්සේ පළමු ප්‍රතිපලය එයි! මරණ 2ක් වාර්තා වෙයි! වරකාපොලින් නායෙ යයි! ජීවිත බේරගන්න හමුදාව වහා මැදිහත් වෙයි! (VIDEO)
2022-10-14T21:21:00+05:30
Gossip Lanka Hot News