21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දින ඡන්ද විමසීමට සහභාගි නොවුණු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ලබාගැනීම වෙනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට සහාය ලබාදීම යම් මන්ත්‍රීවරයෙකු විසින් මඟහැරියේ නම් ඔහුගේ මවුබිමට ඇති පක්ෂපාතීත්වය පිළිබඳ සැකයක් මතු වන බවද ගම්මන්පිල මහතා අදාළ ලිපියේ සඳහන් කරයි.
එකී ඡන්ද විමසීමට සහභාගි නොවුණු මන්ත්‍රීවරුන් සියලුදෙනාම තමන්ට පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි වූයේ ඇයිදැයි ජනතාවට පැහැදිලි කිරීමේ යුතුකමක් ඇති බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
ඉහත තත්ත්වය මත 2022 ඔක්තෝබර් 21 වැනිදා එකී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත සඳහා ඡන්දය විමසීමේදී ඊට සහභාගි නොවුණු සියලුම මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව හැකි ඉක්මනින් තමන් වෙත ලිඛිතව ලබාදීමට කටයුතු කරන ලෙසද ගම්මන්පිල මහතා ඉල්ලා සිටියි.