gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රියමාලි ගැන ආතල් කතාවක් ජවිපෙ ලොක්කෙක් හෙළි කරයි

මුළු රටේම සල්ලි හතර පස් දෙනකු ළඟ තිබෙන බවත් අපට හිතන්න බැරි තරම් මහජන ධනය හොරකම් කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මහතා පවසනවා. 
ඔහු මේ බව පැවසූවේ පසුගිය 29 වැනිදා බණ්ඩාරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් බණ්ඩාරගම ආසන සමුළුව අමතමින්.

“ඊයේ පෙරේදා හෙළිදරවු වුණු ප්‍රියමාලි සල්ලි කොල්ලකාපු හැටි ගැන පොඩි ආතල් කතාවක් තිබෙනවා. රටේම සල්ලි කොල්ලකෑව කළු සල්ලිකාරයන්ට ප්‍රියමාලි වැඬේ දුන්නා. සල්ලි අහිමි වුණු අය පැමිණිලි කරන්න පොලිසියට යන්නේ නැහැ. පැමිණිලි කළොත්, ඒ සල්ලි උපයා ගත් ආකාරය හෙළි කරන්න වෙනවා. අනෙක් පැත්තෙන් තව ඕනෑ තරම් සල්ලි නාස්ති කරන්න ඒ ගොල්ලන්ට තියෙනවා.” යැයි ටිල්වින් සිල්වා මහතා සඳහන් කළා.

“මේ අතරේ අභයාරාම පන්සලේ හාමුදුරුවොත් කොළඹ නගර සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරියක් එක්ක කරපු ගණුදෙනු ටිකක් එළියට ඇවිත් තිබෙනවා. හාමුදුරුවන්ගේ ‘වී එයිට්’ වාහනය පොහොට්ටු මන්ත්‍රීවරිය විකුණාගෙනලු. ’වී එයිට්’ කියන්නේ, දැන් තිබෙන වටිනාම වාහන වර්ගයක්. හාමුදුරුවන්ගේ චෝදනාවට උත්තර හැටියට මන්ත්‍රීවරිය කියනවා, එයාගෙන් ලක්‍ෂ පන්සියයක් හාමුදුරුවන්ගේ කීමට ව්‍යාපාරයකට දීලා ඒක එයාට අහිමි වුනාලු.” ඔහු කියා සිටියා.

“ලක්‍ෂ පන්සියයක් අහිමි වෙලත්, ඒ මන්ත්‍රීවරිය කිසි ගැනක් නැතුව ඉන්නවා. නාගරික මන්ත්‍රී වැටුපෙන් ලක්‍ෂ පන්සියයක් ඉතිරි කරන්නේ කොහොමද? නාගරික මන්ත්‍රීවරියකට ලක්‍ෂ පන්සියයක් ඔය විදියට අත්අරින්න තියෙනවා නම්, රාජපක්‍ෂලා ළඟ කොහොම ඇතිද? රට විනාශ කරලා, මහජන ධනය ප්‍රකෝටි ගණන් කොල්ලකෑ කල්ලියක් ඉන්නේ. හොරාකෑමට, කොල්ලකෑමට ඇබ්බැහි වෙලා වළ පයයි, ගොඩ පයයි තියාගෙනත් කරන්නෙත් ඒක. තව හොරා කන්න, හොරාකාපු නඩුවලින් බේරෙන්න බලයේ එල්ලීගෙන ඉන්න උත්සාහ කරනවා. අපේ පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා කියලා තියෙනවා, “හොරු දවාලට රණ්ඩු වෙනවා, රෑට එකතු වෙලා හොරකමේ යනවා” කියලා. මේගොල්ලෝ එහෙමයි. එකට හොරා කෑවා එකට නඩු බේරා ගන්න කටයුතු කළා. දැන් දෙගොල්ලො ම එකට එකතු වී රෑයි, දවාලෙයි දෙකේම හොරකමේ යනවා.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka