gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාඨලීගේ දුරකථන සංවාද හොරෙන් අහලා? CIDය පාර්ලිමේන්තුවට කැඳවයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ දුරකථන දත්ත හා සංවාද වලට නෛතික බලයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සවන්දීමට අදාලව අද (04) පාර්ලිමේන්තුවේදී තීරණයක් ගෙන තිබෙනවා. 
ඒ 2021.09.24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා පවිත්‍රතා කටයුතු අමාත්‍යංශය තුළ සිදුවුයේ යයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණයකට අදාලවයි.

ඒ අනුව එළඹෙන 18 වනදා අදාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරීන් හා දුරකථන ජාල සැපයුම්කරුවන්, වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවීමට මෙහිදී පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුව මෙම තීරණය ගනු ලැබුවේ 2021.09.24 වන දින තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තමන්ගේ දුරකථන සංවාදයන් නිසි අවසරයකින් තොරව සවන්දීම මගින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට පාඨලී චම්පික රණවක මහතා විසින් කතානායකවරයා වෙත යොමුකරන ලද ලිපියකට අදාලවයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka