gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටස් වෙළෙඳපොළ කඩන් වැටෙයි! කලින්ම වහලා දමයි!

පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී S&P SL20 දර්ශකය 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 12.04 ට අත්හිටුවනු ලැබීය. 
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නියමයන් ප්‍රකාරව S&P SL20 දර්ශකය පෙර ගනුදෙනු දිනයට වඩා 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගියහොත් මිනිත්තු30 කාලයක් සඳහා දෛනික ගනුදෙනු අත්හිටුවනු ඇත.

ඒ අනුව පස්වරු 12.04 ට ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර, සාමාන්‍ය කොටස් වෙළෙඳපොළ වසනු ලබන වේලාව වන පස්වරු 12.30 ට පෙර නැවත වරක් ගනුදෙනු ආරම්භ කිරීමට අවකාශයක් නොමැති බැවින් අද දිනයේ ගනුදෙනු සමාප්තිය මේ සමඟ සටහන් කෙරෙනු ලැබේ.

එම අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.63 කින් පහළ ගොස් ඒකක 9,551.44 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 156.02 කින් පහළ ගොස් ඒකක 3,009.31 ක් ලෙසත් සටහන්ව තිබුණි.

පසුගිය කාලය පුරාවට සියලු කොටස් මිල දර්ශකයේ විචලනයට ඉහළ දායකත්වයක් ලබා දුන් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ ලංකා අයි ඕ සී යන සමාගම් දෙකෙහි කොටස් මිල ගණන් අද දින විශාල වශයෙන් පහළ යාම මෙලෙස මිල දර්ශකවල කඩා වැටීමට බෙහෙවින් බලපා ඇති බව නිරීක්ෂණය කළ හැකිය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka