gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයවැය පරදින ඉඟිය SBගෙන්; අලුත් සන්ධානය මෛත්‍රීගෙන්

අයවැයට පෙර කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය වීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියයි. එයට හේතුව දැනට පවතින්නේ තාවකාලික ආණ්ඩුවක් බවත් ස්ථිර ආණ්ඩුවක් නොමැති වීම නිසා අය වැය පරාජය වීමට ඉඩකඩ ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

ඒ නිසා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකඟතාවයකට පැමිණ වහාම කැබිනට් මණ්ඩලය පත්කළ යුතු බවද ඒ මහතා කියා සිටී.

මෛත්‍රීගේ අලුත් සන්ධානය

මේ අතර, මීළඟ මැතිවරණයේ දී පුළුල් සන්ධානයකින් තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම පක්ෂයේ සමස්ත ලංකා කාන්තා සංගමයේ හා සමස්ත ලංකා තරුණ සංගමයේ මහ සභා රැස්වීම්වලින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහජනතාවගේ ප්‍රසාදයක් නොමැති බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයාටද, පොදුජන පෙරමුණ පර්ශ්වයෙන් බලපෑම් ඇති බැවින් ඔහුට ද නිවැරදිව කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ඡන්දයක් එනවා කියලා කියනවා.. අපි තනි තනිව නෙමෙයි සන්ධානයක් ලෙසයි තරග කරන්නේ.”

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ,  ‘පොහොට්ටුව මහින්ද රාජපක්ෂ සමග නැඟිටින්න හදනවා නේද?’ යනුවෙනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ඔව් ඔව්.. නැඟිටින්න හදනවා.. මොකෙන්ද දන්නෑ නැඟිටින්න හදන්නේ. කොහෙ නැඟිටින්න ද ඒගොල්ලන්. වේදිකාවේ නඟින්න යාචකයෙකුටත් පුළුවන්.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka