සනත් නිශාන්තගේ නව නිවසට මුල් ගල තැබීමට මහින්ද එන පුවතින් ජනතාව නොසන්සුන්!
ගිනි තැබූ නිවසට රක්ෂණයෙන් ලද වන්දි මුදලින් නව නිවසක් ඉදිකිරීමට යන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එම නිවසේ මුල් ගල තැබීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කැඳවීමට සැරසීමත් සමග ප්‍රදේශයේ ජනතාව කුපිත වී ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට මුල් ගල තැබීම සඳහා මහින්ද රාජපක්ෂ ආරච්චිකට්ටුවට පැමිණෙන දිනයේ දී ඔහුට විරුද්ධව විරෝධතාවයක් පැවැත්වීමට මේ වනවි ප්‍රදේශවාසීන් සංවිධානය වෙමින් ඇතැයි දැනගන්නට ඇත.
එළඹෙන සතියේ දිනක මෙම මුල්ගල තැබීමේ උත්සවය සංවිධානය කර ඇතැයි පැවසේ.
හිටපු ජනාධිපතිවරයා ආරච්චිකට්ටුවට පැමිණෙන දිනයේ දී ආසන්නයේ ඇති ප්‍රධානපෙළේ හෝටලයක කාමර 10ක් වෙන් කර ඇතැයි වාර්තා වේ.
එළඹෙන සතියේ දිනක මෙම මුල්ගල තැබීමේ උත්සවය සංවිධානය කර ඇතැයි පැවසේ.
හිටපු ජනාධිපතිවරයා ආරච්චිකට්ටුවට පැමිණෙන දිනයේ දී ආසන්නයේ ඇති ප්‍රධානපෙළේ හෝටලයක කාමර 10ක් වෙන් කර ඇතැයි වාර්තා වේ.
- lankasara
සනත් නිශාන්තගේ නව නිවසට මුල් ගල තැබීමට මහින්ද එන පුවතින් ජනතාව නොසන්සුන්!
2022-10-18T07:30:00+05:30
Gossip Lanka Hot News