gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුක්තියේ රෝද ඇඹරෙන්නෙ හිමින්… එදාට නිසැකවම වන්දි ගෙවන්න සූදානම් වෙන්න… නීතිඥ සංගම් සභාපති පොලිසියට කියයි

නීති විරෝධී නියෝග මත ක්‍රියා කරන පොලිස් නිළධාරීන්ට දිනෙක ඔවුන්ගේ නීතිවිරෝධී ක්‍රියා වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වෙන බව මතක තබා ගන්නැයි නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්  පවසයි.

ඊයේ (10) ගාලු මුවදොර පිටියේදී පැවති අරගලයේ විරුවන් සිහි කිරීමේ සැමරුමේදී පොලිස් නිළධාරීන් විසින් සිවිල් වැසියන්ට පහර දෙනු ලැබීමේ සිද්ධිය පිළිබඳ අදහස් පළ කරමින් ඔහු මේ බව පවසා තිබේ.

තමන්ගේ ප්‍රධානියාව තෘප්තිමත් කිරීම සඳහා පොලිස් නිළධාරීන් නීතිවිරෝධී ලෙස ක්‍රියා කරමින් ජනතාවගේ අයිතිවාසිකම් කඩ කරමින් ක්‍රියා කරනු තමා දුටු බවත්, නිලධාරීන්ට තමන්ගේ උසස්වීම් අහිමි කර ගනිමින් ද, අපරාධ ක්‍රියාවකට වැරදිකරු වී සිරගත වෙමින්ද සිය වැරදි ක්‍රියාවලට වන්දිය ගෙවීමට සිදු වෙනු ඇතැයි සභාපතිවරයා සඳහන් කරයි.

“වැරදිවලට වන්දි ගෙවන්න වෙද්දී එයාලව රකින්න ඔය නීතිවිරෝධී අණ දුන්නු ස්වාමිවරු නෑ. තනිවමයි ඒවාට මූණ දෙන්න වෙන්නේ.. යුක්තියේ රෝද ඇඹරෙන්නේ සෙමෙන් වුවත් ඒවා නිසැකවම ඇඹරෙනු ඇත..”
වැඩිදුරටත් අදහස් පළ කළ සාලිය පීරිස්   ෆේස්බුක් හි සටහන් කර තිබිණි.

එම සටහන පහත දැක්වේ…


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka